කපුවාත් -බිරියත් බැඳ දමා රන් කොල්ල කාලා අගලවත්ත , යටියන , කනත්ත පාරේ පිහිටි ’’ කළු කම්බිලි ’’ දේවාලයට පැමිණි දෙදෙනෙකු දේවාලයේ කපුවා හා බිරිඳ බැඳ දමා කපුවා පැළඳ සිටි රන් මාල 22 ක් හා දේව රූපයට පළඳවා තිබූ රන් මාල 10 ක් ඇතුළු රුපියල් කෝටි 1 1/2 ක් පමණ වටිනා ස්වර්ණාභරණ කොල්ල කා පළා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව මතුගම පොලිසිය කියයි. 23 November 2025
ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් නඩත්තු ඉල්ලා ගුවන් සේවිකාවක් උසවි යයි ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් මාසිකව රුපියල් ලක්ෂයක නඩත්තු මුදලක් හා දරුවාගේ උප්පැන්නයට පියාගේ නම යොදාගැනීමට නියෝග ඉල්ලා ගුවන් සේවිකාවක් පැවරූ නඩුව දෙසැම්බර් මස 8 දින කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතා අද දින නියම කළේය. 21 November 2025
ත්‍රිරෝද-බස් ගැටීමෙන් කතක් මරුට: 4ක් රෝහලට එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී අද (21) සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී අවුරුදු 08ක කුඩා ළමයෙකු ඇතුලු තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා මහනුවර දිස්ත්‍රික් මහ රෝහලට සහ රිකිල්ලගස්කඩ ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බව රිකිල්ලගස්කඩ පොලිසිය පැවසීය. 21 November 2025
නුගේගොඩ රැළිය අද මාලිමා ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය දැක්වීම සඳ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනරැලිය අද (21) පස්වරැ 2 ට නුගේගොඩදී පැවැත්වේ 21 November 2025
නුගේගොඩට අද රථවාහන සැලැස්මක් නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංගපීඨයේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැළියට සමගාමීව විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් අද (21) ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 21 November 2025
ලෙකෝ සභාපතිගේ කෝටි අටේ වාහනය නවතී ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) සභාපතිවරයාට රුපියල් කෝටි අටක් වටිනා අති සුඛෝපභෝගී බෙන්ස් රථයක් ගෙන්වීමේ ඇණවුම අවලංගු කිරීමට උපදෙස් දුන් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවැසීය 21 November 2025
තුෂාර උපුල්දෙණිය ජනාධිපති පොදු සමාව අවභාවිතා කරමින් මෙරට බන්ධනාගාර 28 ක සිරකරුවන් 212 ක් අනීතිකව මුදාහැරීම සිදු කර ඇතැයි කියන හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සැකකරුට එරෙහි විමර්ශන අවසන් කර මාර්තු 19 දින අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා රහස් පොලිසියට (20) නියෝග කළේය. 20 November 2025
සිම්බාබ්වේ ලකුණු 67 කින් ශ්‍රී ලංකාව පරාජය කරයි පාකිස්තාන් තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස රාවල්පින්ඩිහිදී අද (20) පැවැති තරගයේදී සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ලකුණු 67 කින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත් වූහ. 20 November 2025
නියෝජ්‍ය පොලිස්පතිගේ ගිනුමක් හැක් කරලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ වටස්ඇප් ගිණුම හැක්කර බැංකු ගිණුමක මුදල් වංචා කළේ යැයි කියන නයිජීරියන් ජාතිකයා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා රහස් පොලිසියට නියෝග කළේය. 20 November 2025
පාකිස්තානය 3-0 කින් ජයගනී පාකිස්තානු පිල ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට අද (16) සමත් විය. 16 November 2025
ආසියා පැසිෆික් කලාපීය සමාජ වැඩමුළුව ලංකාවේ 28 වන ඒකාබද්ධ ආසියා පැසිෆික් කලාපීය සමාජ වැඩමුළුව ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
උසස් පෙළ සිසුවිය අභිරහස් ලෙස මිය ගිහින් අද ආරම්භ වූ උසස් පෙළ විභාගයට පෙනී සිටි මට සූදානමින් සිටි දඹුල්ල ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සිසුවියක අභිරහස්ලෙස නිදි යහනේදීම මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි. 10 November 2025
තෙල් - තේ ගිවිසුම කැඩුවාට ඉරානයට මිලියන 119ක් ගෙවයි ඉරාන තෙල් වෙනුවට තේ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ඉරානයට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක හිඟ මුදලින් ඩොලර් මිලියන 119.04 ක මුදලක් මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට ගෙවා තිබෙන බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් විණි. 06 November 2025
අල්ලසින් කප් එක පොලිසිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම වසරේ පළමු මාස 9දී සිදුකළ වැටලීම්වලදී අල්ලස් හෝ දූෂණ චෝදනා මත වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන්නන් බවත් එම කොමිසම නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. 06 November 2025
රැදවුම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට පැවසෙන අයකු දින හතක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන බෙම්මුල්ල පොලිසියේ සිර මැදිරියේ රඳවාසිටියදී එම සිර මැදිරියේ දොර විවෘතකරගෙන ඊෙය (3) පලා ගොස් ඇතැයි බෙම්මුල්ල පොලීසිය පවසයි. 04 November 2025
පිටුවහල් කිරීම කිසිදා විභාග නොකෙරෙන නඩුවලට නියෝග නොඉල්ලා , ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකි දේවල් පමණක් කරන ලෙසට රහස් පොලිසියට උපදෙස් ලබා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙරට ගණිකා වෘත්තීයේ යෙදවූ මැඩගස්කර් කාන්තාවන් තිදෙනෙකු රටින් පිටුවහල් කිරීමට නියෝග කළේය. 04 November 2025
ළමා නිවාසය දැරියන් දෙදෙනකුට හදි කළැයි පරිවාස නිලධාරියා අත්අඩංගුවට අම්පාර දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ළමා නිවාසයක සිටි 15 හැවිරිදි දැරියන් දෙදෙනෙකු දුෂණය කළ බව කියන පරිවාස නිළධාරියෙකු අම්පාර දිස්ත්‍රික්කයේ කාන්තා කාර්යංශය සහ අම්පාර විශේෂ අපරාධ විමර්ශණ කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 04 November 2025
පළාත් කීපයකට අදත් වැස්ස සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් ස්ථාන කීපයකට අද පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 November 2025
ලලිත් පතිනායක පරිපාලන තනතුරින් ඉවතට? ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් පරිපාලන තනතුරෙන් ඉවත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. 31 October 2025
ජගත් මනුවර්ණට වරෙන්තු නඩු විභාගයට පෙනී නොසිටිමින් දැන දැනම අධිකරණය මගහැරියේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද වරෙන්තු නිකුත් කළේය. 29 October 2025
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු තොරතුරු අධ්යක්ෂ වෛද්‍ය නිලධාරීවරයා අනුමැතියකින් තොරව 18 වතාවක් විදේශගතව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. 29 October 2025
හෝමාගම ප්‍රා.සභාපතිටත් මරණ තර්ජන හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක මහතාට ( ජාතික ජන බලවේගය) පාතාල ක්‍රියාකරුවකු ලෙස හැඳින්වූ පුද්ගලයකු මරණීය තර්ජනය කළ බව පවසමින් සභාපතිවරයා හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 29 October 2025
මණ්ඩලේ 2000ක් වන්දි ලබා ගෙදර යන්න සූදානම් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයෙන් වන්දි ලබා ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යෑම සඳහා 2000 කට අධික සේවක පිරිසක් ඉල්ලුම් කර ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. 29 October 2025
විදුලි ඇමති - ලේකම් සීතය යුද්ධය අවසන් බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර පැවැති සීතල යුද්ධය නිමා කරමින් විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කා ර් යාලයේ අධ්යක්ෂ ජනරාල් ධූරයට නැවත වතාවක් පුබුදු නිරෝෂන් මහතා පත්කර තිබේ. 29 October 2025
ක්‍රිකට් තරඟ පාවාදීමට අනුබල දුන් තිදෙනකුගෙන් ප්‍රකාශ ගන්න නියෝගයක් එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට බලපෑම් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන ජාතික කළමනාකාරවරුන් තිදෙනෙකුට නොවැම්බර් 25 වන දින ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නොතීසී නිකුත් කරමින් නියෝග කළේය . 27 October 2025
පොලිසියේ ලෙස පෙනී සිට අල්ලස් ගත්තැයි විදුලි සේවකයා නිදොස් කොට නිදහස් පොලිස් නිලධාරීයකු ලෙස පෙනී සිටිමින් ඇප නොමැති චෝදනාවකට අත්අඩංගුවට ගන්නා බව කියමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 04ක අල්ලසක් ඉල්ලා රුපියල් 130000/-ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටි විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මිකයකු සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මාපා බණ්ඩාර මහතා නියම කළේය. 27 October 2025
නිතීඥවරියක ඝාතනය කළැයි නීතීඥවරියක කපා කොටා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටි ඇගේ රියදුරා දැඩි කොන්දේසි යටතේ ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා ඊයේ (27) නියම කළේය. 27 October 2025
මහජන ආරක්ෂක ඇමතිට විශ්වාස භංගයක් ? මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කරුණු සලකා බලමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය. 26 October 2025
සේවා දිගුවකින් ඇමැති - ලේකම් ගැටෙයි? විදුලිබල ක්ෂේත්රය ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංයේ ලේකම්වරයා අතර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ. 24 October 2025
අලුත් වාහන ගන්න කෝටි ලක්ෂ 100ක ණය අරන් මෙම වසරේ පළමු මාස හය අවසන් වනවිට මෙරට මූල්‍ය සමාගම් වාහන ණය ලෙස ලබාදී ඇති සමස්ත මුදල රුපියල් බිලියන 1,161 ක් බව ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශ කළේය. 24 October 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026