
(රංජන් කස්තුරි)
විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංයේ ලේකම්වරයා අතර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විදේශ ගතව සිටින කාලයේදී ඔහුට නොදන්වා ලේකම්වරයා ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ එච්.පී. නිරෝෂන් මහතාට සේවා දිගුවක් ලබාදී තිබේ.
ලේකම්වරයා එම සේවා දිගුව ලබාදෙමින් ලිපියේ සඳහන් කර ඇත්තේ බලශක්ති අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම පත්වීම සිදුකරන බවයි.
එහෙත් දිවයිනට පැමිණි පසු ඒ බව දැන ගත් බලශක්ති අමාත්‍යවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම පත්වීම අවලංගුකර තිබේ.
අමාත්‍යවරයා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇත්තේ තමාගේ කිසිදු අනුදැනුමකින් තොරව එවැනි සේවා දිගුවක් ලබාදීම ප්‍රතික්ෂේප කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලයේ විදුලිබල වෘත්තිය සමිතිවල දැඩි විරෝධයට ලක්වූ පුද්ගලයෙක් තමයි මේ, ඒ වගේම විදුලි බල මණ්ඩලය ප්‍රතිසංස්කරණයට ලක් කෙරුවාට පසු තවදුරටත් ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයක් අවශ්‍ය නැහැ නේද?
බල්ලා විසින් වලිගය වනනවා මිසක් වලිගය විසින් බල්ලා වැනීමට ඉඩ දිය යුතු නෑ. හරි නම් ඒ ලිපිය නිකුත් කළ නිලධාරියාගෙන් කරුණු විමසා සුදුසු අයුරින් කටයුතු කළ යුතුයි.
තාමත් රට කන දූෂිත නිලධාරි හැත්ත අන්දන්න තමයි බලන්නේ.
මණ්ඩලේ කචල් නේද සහෝදරවරුනි. රටේ සූර්ය බල පද්ධති වලට කරපු විනාශෙට නම් හෙනම ගහන්න ඕන හැබැයි. ඩීසල් මාෆියාවේ රජවරු තමයි මෙයාලා. අර ලක්ශයක් මරලා හරි බලය තියාගන්නවා කියපු එකත් මේ කල්ලියේ. මිනිස්සුන්ට වතුර නැති කාලේ ජලාශ වල වතුර නිකන් ඇරලා, ජල විදුලිය වෙනුවට හදිසි මිලදී ගැනීම් හරහා ඩීසල් බලාගාර වලින් විදුලිය අරන් කොමිස් ගහපු උන් දැන් ලොකු පුටුවල...
ඇමතිගේ හොර වැඩකට උදව් කරන්නෙ නැතුව ඇති. ඉතින් බැහැනෙ කරන්න. ඇමති නම් කලින් පෝර වලින් ගහලා මාට්‍ටු වෙලා වැඩ තහනම් වෙච්ච කෙනෙක්ලු නේද? මල් පැල කිව්ව අයගේ කෙරුවාවල්. මල් කිව්වාට මේවා කීඩාරම් වගේ. ගන්ධස්කාරේ බෑ...
හිතුමතේ තමාට කැමැති පරිදි වැඩ කරනවා නම් ඒක හොද දෙයක් නොවේ.