
(රෝෂන් තුෂාර)
ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් මාසිකව රුපියල් ලක්ෂයක නඩත්තු මුදලක් හා දරුවාගේ උප්පැන්නයට පියාගේ නම යොදාගැනීමට නියෝග ඉල්ලා ගුවන් සේවිකාවක් පැවරූ නඩුව දෙසැම්බර් මස 8 දින කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතා අද දින නියම කළේය.
පැමිණිල්ලට අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාරිය අධිකරණයේ පෙනී සිටියාය. විත්තිකරු අසනීප තත්ත්වයේ පසුවන බැවින් පෙනී නොසිටින බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැන්වීය.
ගුවන් සේවිකාව සිය පැමිණිල්ල මගින් සඳහන් කර ඇත්තේ විවාහවීමේ බලාපොරොත්තුව ඇතිව තමන් ක්‍රිකට් ක්‍රීඩකයා සමඟ සබඳතාවයක් පවත්වාගෙන ගිය බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට දාව තමන්ට දරුවෙක් සිටින බවය.
විවාහ වෙන බවට විත්තිකරු තමන්ට පොරොන්දුව ලබා දුන් නමුත් විවාහ ගිවිස නොගත් බවත් පසුව තමාව හා දරුවාව අතහැර වෙන්ව සිටින බවද සඳහන් කර ඇත.
දරුවාගේ පීතෘත්වය තහවුරු කර ගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂණයක් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසද පැමිණිලිකාරිය අධිකරණයෙන් ඉල්ලා ඇත.විවාහ කර නොගන්නේ නම් දරුවා වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂයක නඩත්තු ගෙවන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා ඇත.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල දෙසැම්බර් මස 8 වන දින යළි කැඳවීමට දින නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd