(මනෝප්‍රිය ගුණසේකර)
පොලිස් නිලධාරීයකු ලෙස පෙනී සිටිමින් ඇප නොමැති චෝදනාවකට අත්අඩංගුවට ගන්නා බව කියමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්‍ෂ 04ක අල්ලසක් ඉල්ලා රුපියල් 130000/-ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටි විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මිකයකු සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මාපා බණ්ඩාර මහතා නියම කළේය.
වැටලීම කළ අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ ප්‍රකාශ සහ පැමිණීලිකරුගේ සාක්කි එකිනෙකට පරස්පර බව පෙන්වා දෙමින් නීතීඥ රවීන්ද්‍ර සෙනරත් මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා සියළු චෝදනා වලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
පොලිස් නිලධාරීයකු ලෙස පෙනී සිටිමින් ඇප නොමැති චෝදනාවකට අත්අඩංගුවට ගන්නා බව කියමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්‍ෂ 04ක අල්ලසක් ඉල්ලා රුපියල් 130000/-ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ ගම්පහ මාදෙල්ගමුවේ පදිංචි විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මිකයකයකු වන නිලංග සඳරුවන් මහතාය.
2019 දෙසැම්බර් 12 වැනිදා ගම්පහ උඩුගම්පොළදී ටේරවෝ ලොඩවයික් නමැත්තාගෙන් අවස්ථා කිහිපයකදී රුපියල් ලක්‍ෂ 04ක අල්ලසක් ඉල්ලා රුපියල් 130000/-ක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබිණී.
චෝදනා සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පැමිණීලිකාර ටේරවෝ ලොඩවයික් නමැත්තා සාක්කි දෙමින් විත්තිකරු විසින් රුපියල් ලක්‍ෂ 03කුත් ගණනක් වශයෙන් සඳහන් කළත් ඉල්ලු අල්ලස් මුදල කිසිඳු අවස්ථාවක නිශ්චිතව සඳහන් කර නැති අතර කොටුව පොලිසියේ දැනුම්දීම මත විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණීලි කළ බව සඳහන් කර ඇත.
රුපියල් 1000/- නොට්ටු වලින් තමා ඉදිරිපිටදීම අදාළ අල්ලස් මුදල තමාගේ දුව ලෙස රඟපෑ අල්ලස් කොමිසමේ පොලිස් නිලධාරිණීය විත්තිකරුට දුන් බව සඳහන් කර ඇතත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවීන්ද්‍ර සෙනරත් මහතා වැටලීම් බාර නිලධාරියාගෙන් සහ උපයා දුතයා වශයෙන් කටයුතු කළ පොලිස් නිලධාරිණීයගෙන් හරස් ප්‍රශ්ණ කිරීම් වලදී විත්තිකරුට අල්ලස් වශයෙන් රුපියල් 130000/-ක මුදල දුන්නේ රුපියල් 5000/- නොට්ටු වලින් බව හෙළි කළහ.
විත්තිකරුට අල්ලස් මුදල් දීමට වැලිවේරිය බැංකුව අසලට ගියේ උදේ 11.00ට බව පැමිණීලිකරු සඳහන් කළත් නීතීඥ රවීන්ද්‍ර සෙනරත් මහතා වැටලීම් බාර නිලධාරියාගෙන් සහ උපයා දුතයා වශයෙන් කටයුතු කළ පොලිස් නිලධාරිණීයගෙන් හරස් ප්‍රශ්ණ කිරීම් වලදී වැලිවේරිය බැංකුව අසලට ගියේ සවස 5.00ට බව සඳහන් කිරීම මෙන්ම වැටලීම කරන විට විත්තිකරු සහ උපාය දුතිය ත්‍රීරෝද රථයේ අසුන්ගෙන සිටි නිශ්චිත ස්ථාන පටලවා සඳහන් කර ඇති බව විනිසුරුවරයා තීන්දුවේ සඳහන් කර ඇත.
ඉදිරිපත් වු සිය`ථ කරුණු මෙන්ම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවීන්ද්‍ර සෙනරත් මහතා පෙන්වා දුන් ඌණතා සහ පරස්පරතා පිළිබඳ අවධානය යොමු කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව තීරණය කරමින් සිය`ථ චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකරු වෙනුවෙන් නීතීඥ රවීන්ද්‍ර සෙනරත් මහතා පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd