
(නිමල් ජයරත්න )
අම්පාර දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ළමා නිවාසයක සිටි 15 හැවිරිදි දැරියන් දෙදෙනෙකු දුෂණය කළ බව කියන පරිවාස නිළධාරියෙකු අම්පාර දිස්ත්‍රික්කයේ කාන්තා කාර්යංශය සහ අම්පාර විශේෂ අපරාධ විමර්ශණ කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අම්පාර දිස්ත්‍රික් කාන්තා කාර්යංශයට ලැබුණු තොරතුරක් අනුව නිලධාරින් කණ්ඩායමක් ඊයේ (3) වැනිදා රාත්‍රි 2.00 ට පමණ මහියංගණය ප්‍රදේශයේදි සැකකරු අත් අඩංගුවට ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු දෙහිඅත්තකන්ඩිය රිදීඇල ප්‍රදේශයේ පදිංචි, අවුරුදු 35 ක් වයසති දෙහිඅත්තකන්ඩිය පරිවාස කාර් යාලයේ පරිවාස නිලධාරිවරයා හැටියට රාජකාරිය කටයුතු කරන බවද පොලිසිය පවසයි.
දැනට කරන ලද විමර්ශණ වලදි මෙම පුද්ගලයා විසින් එක දැරියක් ලිංගිකව දුෂණය සිදුකර ඇති අතර අනෙක් දැරිය ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd