IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හෝමාගම ප්‍රා.සභාපතිටත් මරණ තර්ජන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක මහතාට ( ජාතික ජන බලවේගය) පාතාල ක්‍රියාකරුවකු ලෙස හැඳින්වූ පුද්ගලයකු මරණීය තර්ජනය කළ බව පවසමින් සභාපතිවරයා හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

සභාපතිවරයා ඉකුත් 27 වෙනිදින මහජන දිනයේ එතුමාගේ කාර්යාලයේ පවත්වමින් සිටියදී දහවල් 12.33 ට කාර්යාලයේ ජංගම දුරකථන අංකයට එම ඇමතුම ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

හඳයා ලෙස හැඳින්වූ පුද්ගලයා " උඹ දන්නවනේ සනාට වෙච්ච දේ " යැයි පවසමින් සභාපතිවරයාට මරණීය තර්ජනය කර ඇතැයි ඔහු ඉකුත් 28 වෙනිදින පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

ඒ සම්බන්ධයෙන් සභාපතිගේ ලේකම්ගෙන්ද සාක්කි ප්‍රකාශ සටහන් කරගෙන ඇත. අදාල තර්ජනාත්මක ඇමතුම සාමාන්‍ය දුරකථන ඇමතුමකින් ලබාගෙන ඇති බවට මේ වන විට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

 

 



අදහස් (5)

හෝමාගම ප්‍රා.සභාපතිටත් මරණ තර්ජන

සරත් Wednesday, 29 October 2025 04:51 PM

ඔව් ඔව් ඒ ගොල්ලන්ට විතරක් නෙමෙයි අපිටත් තර්ජන තියෙනවා කියලා පෙන්නන්න ලොකු උත්සාහයක් ගන්නවා නේද? ඕවායින් පහුගිය මිනීමැරුම් වහන්න පුලුවන් කියලා හිතනවාද?

:       15       5

අරවින්ද මොණරවිල Wednesday, 29 October 2025 04:51 PM

ඕක පොහොට්ටු හරි ස. ජ. බ හරි කල්ලි දෙකකින් එකක වැඩක්, ලසාට කෙරුවා වගේ දැන් හැමෝටම මරණ තර්ජනය තියනවා කියලා පෙන්නන්න. තව දවස් දෙක තුනකින් පොලිසිය තර්ජනය කෙරුව එකාව අල්ලා ගනියි...

:       5       16

Samare Thursday, 30 October 2025 06:53 AM

අරවින්ද ඔච්චර හොඳට දන්නවා නම් කරේ කවුද කියලා ඔයාවත් සීඅයිඩී එකට කියන්නකෝ. එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම ඉක්මනින් විසඳන්න පුළුවන්. ඊට පස්සේ අංජනම් බලනවා කියලා බිස්නස් එකක් පටන් ගන්න. මාරෙට වැඩ එයි.

:       0       0

Jothi Thursday, 30 October 2025 12:00 AM

සරත් ඔබ හරි .ඒක තමයි මේ කරන්නේ .ඔය වැඩේ මන්දමානසික ජෙපි ඩෝබිලට හොඳයි

:       1       0

චතුරි Thursday, 30 October 2025 12:02 AM

නාමල් බේබි. ලාමක ටින්ටින්. ඒ දෙන්නාගෙ. ගෝලයෙක්. මේ වැඩේ කෙරුවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site