සඳලි සත්සරණි

අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය යටතේ යාවත්කාලීන කරන ලද ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය එළැඹෙන මස මුල් සතියේ දී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදර මහතා පැවැසීය.

අදාළ නාමලේඛනය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අභියාචන ඉදිරිපත් කිරීම සඳහා දින 10ක කාලයක් ජනතාවට හිමිවන බව ද ඔහු සඳහන් කළේය.

එලෙස ඉදිරිපත් වන අභියාචන සලකා බැලීමෙන් අනතුරුව, සුදුසුකම් ලබන ප්‍රතිලාභීන් සඳහා වන ගෙවීම් කටයුතු ලබන මස අවසන් සතියේ සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව සභාපතිවරයා පැවැසීය.