
(රෝෂන් තුෂාර)
නඩු විභාගයට පෙනී නොසිටිමින් දැන දැනම අධිකරණය මගහැරියේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද වරෙන්තු නිකුත් කළේය.
රුපියල් ලක්ෂ 250 ක් ණය ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුල්‍ය නඩු දෙකක් කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කළ අතර, පසුගිය නඩු වාරයේදී අසනීප තත්ත්වයෙන් පසුවෙනවා යැයි පවසමින් අධිකරණයට නොපැමිණ ඇති බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
නඩුවක් තිබෙන බව දනිමින් ඒ සඳහා පෙනී නොසිටීම ප්‍රශ්න සහගත බවද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැවසීය.
එක් පැමිණිල්ලක ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන් 18 දෙනකු නම්කර තිබූ අතර සෙසු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.
ජගත් මනුවරණ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායකයා ඉඩම් ඔප්පු බෙදා දීමේ ජාතික උත්සවයකට සහභාගි වී ඇති ඇති බැවින් අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වී ඇති බවය.
අධිකරණයෙ නඩුවක් තිබෙන බව දැන නොපැමිණිම ප්‍රශ්න සහගත බව කියා සිටි මහේස්ත්‍රාත්වරයා වරෙන්තුවක් නිකුත් කරමින් ඇපකරුවන් ට නොතිසි ද නිකුත් කළේය.
IFrame

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Waal disanthagen උපදෙස් ටිකක් ගන්න. එයා දන්නවා. බැරිම උනොත් මාරු කරනවා.
ජගත් මනුවර්ණ කියන්නේ 2014දී සමනලී ෆොන්සේකා ඇතුළු පිරිසක් එක්ක අලුත් පරපුර කියලා සංවිධානයක් හදාගෙන මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති මැතිවරණය සඳහා රට පුරා ගිය කෙනෙක්. අන්තිමේදී පුත්තලම් පැත්තේදී එහේ හිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක කෙනෙක් මේ ගොල්ලන්ට ගල් ගස්සලා ඔළුත් පැලුවා. ඒ කාලයේ වීඩියෝ පවා පෙන්නුවා මේ අය රෝහල් ගත වෙලා හිටපු හැටි. මෛත්‍රීපාල ජනාධිපති වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කමත් අරගත්තම මහින්ද පත් කරපු සංවිධායකයන් අයින් කරලා තමන්ගේ අයව පත්කරන වෙලාවේ මේ අයට ගල් ගහපු එක්කෙනාටත් සංවිධායක ධූරයක් දුන්නා. ඒ වෙලාවේ තමයි මේ අය මෛත්‍රිපාලට ඒ ගැන ප්‍රසිද්ධ මාධ්‍යවල දොස් පවරලා අයින් වුනේ. ඊළඟට ජගත් මනුවර්ණ සහ සමනලී දෙන්නම ගිය අවුරුද්දේ විතර ආයිමත් එළියට ආවා අපි මාලිමාව වෙනුවෙන් කියලා. ඇත්තටම ප්‍රතිපත්ති නෙවෙයි වාසියට කිට්ටුවෙන අය කියලයි හිතෙන්නේ.
තවත් සුපිරිසිදු දේශපාලන චරිතයක් වගේ. පරණ හිටපු අය වගේ නෙවෙයි කියලා නේද ගිය අවුරුද්දේ මැතිවරණ සමයේ කිව්වේ. උසාවියටත් වෙන වැඩ නැතිවද මන්දා ඩෝබි සෙට් එකට හිත් අමාරුවෙන වැඩ කරන්නේ.
මේ මනුස්සය මේ රජයට අපහස කරනව, නීතිය තදින් ක්‍රියාත්මක කලයුතුයි , අද නීතිය දේශපාලකය ඉදිරියෙ නැවෙන්නෙ නැති බව මෙය හොද උදාහරනයක්. ඉස්සර නම් අධිකරනයෙන් මෙවැනි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
හොඳ දෙයක් .
ජවිපෙ සහ මාලිමාව වුනත් අනික් පක්ෂවලට බණ කියන්න ඉස්සෙල්ලා එයාලගේ අපේක්ෂකයන් තෝරා ගැනීම ගැනත් ක්‍රමවේදයක් හිතුවනම් හොඳයි නේද. කී දෙනෙක් මන්ත්‍රීවරු සහ ඇමති නියෝජ්‍ය අමාත්‍යවරුන් මේ වෙනකොට පත්තරේ නම් දාගෙන තියනවාද එක් එක් වර්ගයේ වැරදි වලට. අධිකරණ ඇමතිතුමා කිව්වා වගේ කවුරුත් මනුස්සයෝ තමයි වගේම මනුස්සයන් අතින් වැරදි වෙනවත් තමයි. නමුත් තමුන්ගේ වැරදි වහන ගමන් අනුන්ට ඇඟිලි දීක්කිරිමේ විශේෂ සම්ප්‍රදායක් ඇති මේ රජයට මේ වගේ දිගට ගියොත් අර 68 ලක්ෂෙනුත් සෑහෙන දෙනෙක් ඇඟිලි දීක්කරාවි.
එක මහත්තෙක් පුරසාරම් දෙඩුවා මාලිමාවේ ඉන්න කිසි එකෙක්ට නඩුවක් නැහැ කියලා. මුන්නැහැ ට මූල්‍ය වංචා නඩු දෙකක් සම්බන්ධයෙන් සැකකරුවෙක් කියා මේ ප්‍රවෘත්තියේ තිබෙනවා. ඔන්න සුද්දවන්තයි කියාගන්න උන්ගේ පැටිකිරිය
මමත් මාලිමාවට ජන්දේ දුන්නේ; ඔප්සු ටික නං පොඩි දරුවෙකු අතින් හරී පිලිගන්වන්න තිබුනා.. මනුවර්ණ උබත් පලයං පොහොට්ටුවට නාමල් ඒක්ක උබට ගැලපෙන තැන ඒක.. අල්ලලා හිරේ දාන්න ඔන මේ වගේ මෝඩයින්ව..
මේ අර NGO කුක්කා නේද ? රටට විනයක්
සෑම පුරවැසියෙක්ම නීතියට යටත්... වරෙන්තු නිකුත් කළ එක හරි.
කලබල වෙන්න දෙයක් නෑ. ලැම්බොගිනි එක හොයාගත්තු ගමන් එයි.
මෙයාට ලැම්බෝගිනියක් ඕනෑ වෙලා.
මේ තවත් එක ෂෝ කාරයෙක්...