
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) සභාපතිවරයාට රුපියල් කෝටි අටක් වටිනා අති සුඛෝපභෝගී බෙන්ස් රථයක් ගෙන්වීමේ ඇණවුම අවලංගු කිරීමට උපදෙස් දුන් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවැසීය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ද ඔහු ප්‍රකාශ කළේය. හිටපු සභාපති ජනක අලුත්ගේ මහතා විදේශයක සිටිය දී ඔහු පවා නොදැන මෙම ඇණවුම කර ඇත්තේ එහි නිලධාරීන් බවත් එම ක්‍රියාව සභාපතිවරයාට පැටවීම අසාධාරණ බවත් අමාත්‍යවරයා කීවේය.
ඔහු මෙසේ පැවැසුවේ බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
ලෙකෝ ආයතනය වාහන මිලදී ගැනීමට කෝටි හැට දෙකකට වැඩි මුදලක් අයවැයෙන් වෙන් කරගෙන ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පසුව එය මිලියන 46 ට අඩු කරගෙන ඇති බව පැවැසූ අමාත්‍යවරයා වාහන දාහතක් සඳහා මෙම මුදල වෙන් කරගෙන ඇති බව ද කීවේය.
මෝටර් රථ හතක් සහ ඩබල් කැබ් දහයක් ඊට ඇතුළත් බව ද අමාත්‍යවරයා පැවැසීය. සභාපතිවරයාෙගේ රථය දිගින් දිගටම කාර්මික දෝෂවලට ලක්වීම නිසා එය අලුත්වැඩියා කිරීමට මිලියන දෙක තුන වියදම් වී තිබූ බව ද ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර සභාපතිවරයාගේ පාවිච්චියට බෙන්ස් රථයක් තිබිය දී තවත් රථයක් මෙසේ ඇණවුම් කිරීම රජයේ මුදල් අවභාවිත කිරීමක් බව එහි සේවකයෝ පෙන්වා දෙති.
මීට අමතරව නිලධාරීන්ගේ පාවිච්චියට බීවයිඩී (BYD) වාහන දහයකට ආසන්න සංඛ්‍යාවක් ද පසුගියදා මිලදී ගත් බව ඔවුහු පෙන්වා දෙති.
සමාගමේ සභාපතිවරුන්ගේ පාවිච්චියට 2009 සහ 2013 වසරවලද සුපිරි වාහන මිලදී ගත් බව පවසන එම සේවකයෝ ඒවා තවමත් හොඳ තත්වයේ පවතින බව ද පෙන්වා දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාපති නොදැන අලුත් වාහනය ඇනවුම් කල නිලධාරීන් අත්අඩංගුවට ගන්න බැරි ඇයි? මේකත් බොරු බයිලා එකක්.
වැඩේ අහුවුණාම බබාලා
සභාපතිවරයා නොදැනුවත්ව අනෙක් නිලධාරීන්ට එතරම් විශාල මුදලක් අනුමත කල හැකිද. අනිත් ගැහිලි හිතාගන්න පුළුවන්
මහජන මුදල් වලින් කෝටි 2 කට වඩා වටින වාහන ගෙනල්ලා භාවිතා කළොත් අනිවාර්යෙන් ජනතාවගේ ශාපයෙන් ඔවුන්ට ගැලෙවෙන්න හම්බවෙන්නේ නෑ...
කරුණාකර රජයේ ආයතන වලට , අඩු පිරිවැයකින් සර්විස් කරගන්න පුළුවන් ටොයෝට, නිසාන්, හරි හොඳ ඉන්දියන් වාහන ගෙන්වාගන්න. සල්ලි තියෙන පුද්ගලික ආයතන බෙන්ස් ගත්තු දෙන් , මේ හිඟන රටේ රාජ්‍ය ආයතනයකට කෝටි 8 වහනයක් විකුනන්න ,ලංකාවේ බෙන්ස් ඩීලර් කීයක් පගාව දුන්නද කියල හොයන්න ඕනේ . වාහන ගැන ඉක්මනින්ම පනතක් ඕනේ.
මේ විදිහටම නිසි ටෙන්ඩර් පටිපාටියෙන් භාහිරව පච ආන්ඩුව විසින් පාපිසි සහ ඩෝබි බලකායන් සැනසවීම සඳහා ගෙන්වන්නට යන ඩබල් කැබ් රථ ආනයනයත් නවත්වා ගැනීමට හැකිවුනොත් රටට ලොකු ජයහ්‍රහනයක් පචයන්ට ලොකු පරාජයක් වෙයි!
බලාගෙන ගියාම මේ ආණ්ඩුවත් කලින් ආණ්ඩු වගේමද කොහේද..?
මාව බොරු චෝදනා දාලා ලොකු ලොක්කෝ එළියට. මේවාට සාමාන්‍යාඨිකාරි වගකිව යුතුයි.