
(ගයාන් සූරියආරච්චි)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු තොරතුරු අධ්‍යක්ෂ වෛද්‍ය නිලධාරීවරයා අනුමැතියකින් තොරව 18 වතාවක් විදේශගතව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
විදේශ ගමන් බලපත්‍ර 2 ක් භාවිත කර 2013 ජනවාරි 21 සිට 2024 ජුලි 12 කාලය තුළ මෙසේ විදේශගතවී ඇති බව ද වෛද්‍ය සංජීව මහතා කීය.
එමෙන්ම අමාත්‍යවරයාගේ තාවකාලික අනුමැතිය යටතේ විදේශගත වූ අවස්ථාවල් වලදී ද අදාළ අනුමත කාල සීමාවට පරිබාහිරව ඔහු රටින් බැහැරව ගතකර ඇති බවට තොරතුරු විගණන වාර්තාවේ පෙන්වා දෙන බවද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති කීය.
මේ අයුරින් හිටපු තොරතුරු අධ්‍යක්ෂ වෛද්‍ය නිලධාරී විධිමත් අනුමැතියකින් තොරව දිගින් දිගටම විදේශගත වී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඔහුගේ විදේශ නිවාඩු අවලංගු කිරීමට උපදෙස් ලබා දී තිබියදීත් ඔහු විදේශගතව ඇති බවද විගණන වාර්තාවලින් අනාවරණය වී ඇති බව වෛද්‍ය චමල් සංජීව මහතා පැවැසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු අධ්‍යක්ෂ ඉල්ලුම් කරන ලද දිනයට පෙර විදේශගතවීම් සහ ඉල්ලුම් කරන ලද දිනය පසු වී නැවත මෙරටට පැමිණීම අවස්ථා 20 ක් වාර්තා වන බවද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd