(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
වනාතවිල්ලුව වට්ටකන්ඩල් කලපුවේ කඩොලාන කපා වැනසු හය දෙනෙකු 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම අංක 3 මහෙස්ත්‍රාත් එස්.ජී.ඩන්කන් මධුරංග අබේනායක මහතා නියෝග කළේය.
මෙලෙස බන්ධනාගාර ගත කලේ වනාතවිල්ලුව වට්ටකන්ඩල් කලපු තිරයෙ කඩොලාන කපා වැනසිමට සම්බන්ධ හා අනුබල දුන් වනාතවිල්ලුව රෙඩ්බානා ප්‍රදේශයෙ පදිංචි වයස අවුරුදු 25,30,35 45 සිමාවල සැකකරුවන් පිරිසකි.
මෙම සැකකරුවන් පිරිස වට්ටකන්ඩල් කළපු තිරයෙ පිහිටි වසර සිය ගණනක් පැරණි දැවැන්ත කඩොලාන වනාන්තරයෙන් අක්කර පහකට වැඩි ප්‍රමාණයක් කපා වනසමින් සිටියදී පුත්තලම අඩවි වන සංරක්ෂණ කාර්යාලයෙ නිළධාරින් විසින් වටලා තිබු අතර එහිදි සැකකරුවන් පස් දෙනෙකු පලා ගොස් සිටි බවත් එක් සැකකරුවකු අත් අඩංගුවට ගැනිමට වන සංරක්ෂණ නිළධාරින් සමත්ව තිබුණි.
පසුව වනාතවිල්ලුව පොලිසියට අදාල සැකකරුවන් පිරිස භාර විමේන් පසු වන සංරක්ෂණ නිළධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීම සිදුවිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd