(රන්ජන් කටුගම්පොල)

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වෙනි පන්තියේ දැනට පවතින පුරප්පාඩු 1500කට අධික සංඛ්‍යාව පිරවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වෙනි පන්තියට සමත් කිරීමේ විභාගයට පෙනී සිටි පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන පෙබරවාරි 23 දින කරුණු තහවුරු කිරීමට සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ ෙ සලකා බැලිණ.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වෙනි පන්තියේ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් විසින් ගොනුකර තිබූ මෙම අයිතිවාසිකම් පෙත්සම වග උත්තරකරුවන් වශයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

මෙම පෙත්සම අද අධිකරණයහමුවෙ සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේකා අහමඩ් මහත්මිය කියා සිටියේ තම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අද දින පැමිණිට නොහැකි බැවින් වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි.

එම ඉල්ලිය පිළිගත් අධිකරණය මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි 23 කැදවන ලෙස නියෝග කළේය.

2023 සැප්තැම්බර් 21 වැනි දින ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවය තුන්වැනි පන්තිය සඳහා විභාගය පැවැති බවත් ඒ සඳහා තමන් ඉදිරිපත් වූ බවත් අපේක්ෂකයන් 735 සමත් වූ බවත් පෙත්සමකරුවෝ කියා සිටිති.