
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඒස් යූ ඩබ්ලියු.කේ ජයවර්ධන)
ආහාර හෝ ඖෂධ හේතුවෙන් අසාත්මිකතාවන්ට ලක්වෙන රෝගීන් හඳුනාගෙන රෝහල්ගතවන ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂිත අත් පළඳනාවක් හඳුන්වා දීමට වතුපිටිවල මූලික රෝහල පියවර ගෙන තිබේ.
නේවාසික ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගියෙකු යම් ආහාරයකට, ඖෂධයකට හෝ වෙනත් බාහිර සාධකයකට අසාත්මිකතාවක් දක්වන බව හඳුනාගත් විගස, රෝහල් කාර්ය මණ්ඩලය විසින් රෝගියාගේ අතේ "Allergies" යනුවෙන් සඳහන් කළ විශේෂ අත් පළඳනාවක් පැළදවීම මේ අනුව ආරම්භ කර ඇත.
රෝගියා රෝහලේ රැඳී සිටින කාලය පුරා මෙම පළඳනාව පැළඳ සිටීම අනිවාර්ය වන අතර, එමඟින් රෝගියාට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට සහ හෙද කාර්ය මණ්ඩලයට වැරදීමකින් හෝ අසාත්මික කාරකයක් ශරීරගත වීම වැළැක්වීමට හැකිවන බව රෝහල් පාලනාධිකාරිය සදහන් කරයි
රෝගී ජීවිත අවදානම අවම කරන ඉතා වැදගත් සෞඛ්‍යාරක්ෂිත පියවරක් ගැනීමට ලැබීම රෝගීන්ගේ යහපතට හේතු වන්නේයැයිද රෝහල් බලධාරීහු පෙන්වා දෙති.
මුද්දරගම "තරුෂ කොන්ක්‍රීට්" ආයතනයේ අධිපති සුගත් රොහාන් මහතා රුපියල් පනස් පන්දහසක වටිනාකමකින් යුත් අත් පළඳනා 500ක් රෝහල වෙත පරිත්‍යාග කර ඇත.
මෙම ප්‍රජා සත්කාරය සම්බන්ධීකරණය කරමින් රෝහලට අවශ්‍ය උපකරණ ලබාදීමට මූලිකත්වය ගෙන කටයුතු කළ විශේෂ ශ්‍රේණියේ හෙදි පාලිකා රේණුකා කාන්තිලතා මහත්මිය මෙම අත් පළදනා තොගය වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී, විශේෂඥ වෛද්‍ය සම්පත් පෙරේරා මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd