(රෝෂන් තුෂාර)
ව්‍යාපාරිකයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් ලක්ෂ තුනක් හා රන් පවම් තුන් කාලක අල්ලසක් ගත්තේ යැයි කියන ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (20) නියෝග කළේය .
ආර් රාජපක්ෂ නැමැති සැකකරු මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධියට අදාලව ගම්පහ පොලිස් ස්ථානයේ පහළ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බවය. ඇප ලබා දුන්හොත් සාක්ෂිකරුවන්ට බලපෑම් ඇතිවිය හැකි බවද පැවසීය.අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව තවත් පැමිණිලි ලැබෙමින් පවතින බවද සඳහන් කළේය.
ජා - ඇල දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව ද, වෙනත් පුද්ගලයකු සොරකම් කළ රන් භාණ්ඩ පැමිණිලිකරු මිලදී ගෙන ඇති බවත්, එම සොර බඩු සම්බන්ධයෙන් නීතිය ක්‍රීයාත්මක නොකර සිටීමට රුපියල් 300,000 මුදලක් හා රන් පවුම් තුන් කාලක් ඉල්ලා රුපියල් 250,000 මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් අවස්ථාවේදී මෙම සැකකාර පොලිස් නිලධාරියා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd