(ගයාන් සූරියආරච්චි)

පසුගිය සුළිසුළං සහ ගංවතුර තත්ත්වයෙන් ආපදාවට ලක්වූ ජනතාවට සහන බෙදාදෙන අතුරතුරදී සිදුවූ බව කියන බහින්බස්වීමක් මත පරන්තන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයකුට බැන තර්ජනය කර පහරදුන් බව කියන යාපනය දිස්ත්‍රික් ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලන්කුමරන් මහතා සහ ඔහුගේ රියැදුරු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව කිළිනොච්චිය පොලිසිය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ ඔහුගේ රියැදුරු පොලිසියට බාරවී මෙන් අනතුරුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, ආලේපන්ති සහ තිලිප්පලේ ප්‍ර දේශයේ පදිංචි 36 හැවිරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ 44 හැවිරිදි ඔහුගේ රියැදුරු බව පොලිසිය කියයි.

පහරකෑමට ලක්වූ මුලතිව් පරන්තරන් ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරිවරයකු විසින් කිළිනොච්චි පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබුණි.

 ‘දිට්වා‘ සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ ජනතාවට ඉකුත් නොවැම්බර් මස 29 වැනිදා පරන්තන් ප්‍ර දේශයේදී සහනාධාර බෙදාදීමේදී මන්ත්‍රීවරයා සහ ග්‍රාමසේවක නිලධාරි අතර බහින්බස්වීමක් සිදුව තිබූ බව පොලිසිය කියයි.