(රෝෂන් තුෂාර)

බත්තරමුල්ල දියත උයන සහ අතුල්කෝට්ටේ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් මෝටර් රථ හතරකට තියුණු ආයුධයකින් කොටා හානි සිදුකළැයි කියන සැකකරු   ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන්  කෞශල්‍ය මහතා   (13) නියෝග කළේය.

වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක් බවත්,  තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු බවත් පොලිසියකරුණු දක්වමින් පැවසීය.

සැකකරු  බත්තරමුල්ල දියත උයන සහ ඇතුල්කෝට්ටේ ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වාහන හතරකට තියුණු ආයුධයකින් පහරදී අනර්ථයක් කර ඇති බවත් පසුව රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් මොහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන බවත් පැවසීය.