IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘විපක්ෂය අසරණ වෙලා‘

(රංජිත් රාජපක්ෂ )

ජනතාවට වඩා විපක්ෂය අසරණ වී ඇති බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ උලපනේ  ගඩොල්බෝක්කුව ප්‍ර දේශයේ ප්‍රධාන මාර්ගය නායයෑමෙන් පසු එම මාර්ගය යුද හමුදාවේ ඉංජිනේරු බලකාය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ආකාරය පිලිබදව නිරික්ෂණයට පැමිණි අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

“නාවලපිටිය සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම කොත්මලේ ඒ ප්‍රදේශවලට සිදු වෙලා තියන විශාල විනාහයත් වෙලා තියනවා මේ ආපදාව විසින්. ඇත්තටම ගත්තොත් මේ නව වටි ජනතාව, ත්‍රිවිධ හමුදාව, දේශපාලන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඔක්කොමලා එකතු වෙලා සෑහෙන ප්‍රමාණයක් ජන ජීවිතයට අදාළ මුලික පහසුකම් ටික ලබා දීලා තියනවා. ලබා දෙන්න උත්සහා කරමින් ඉන්නවා.

දැන් මෙතන තියෙන්නේ නාවලපිටිය නගරයේ ඉදලා ගම්පොළට යන ප්‍රධාන මාර්ගය. දැනට විශාල නායයෑමතක් මෙතන වෙලා තියනවා. ප්‍රධාන පාරත් කැඩිලා, දුම්රිය මාර්ගයත් මීටර් 200ක් වගේ කැඩිලා තියනවා.

මන්ත්‍රීතුමා කිව්ව විදිහට තව එහායින් මීටර් 100ක විතර කොටසක් කැඩිලා තියනවා. ඒ නිසා දැඩි අපි මේ දරන උත්සහයේ ප්‍රථිපලයක් විදිහට අපි හිතනවා තව දවස් 2-3ක් ඇතුලත උපරිම ප්‍රධාන මාර්ගය ජනතාවට වාහාන වලින් යන්න විවෘත කරන්න පුලුවන් කියලා. දැනට මේකෙන් තමයි යන්නේ මීටර් 750ක් විතර බස් එකේ මෙතනට ඇවිල්ලා පයින් ගිහින් තමයි එහා පැත්තට යන්නේ. අපි හිතනවා ඒ දුෂ්කරතාවය දවස් දෙකකින් විසදන්න පුළුවන් කියලා.

නමුත් ඇත්තටම ගත්තතොත් මෙතරම් විනාශයක් සිදු වීමට බලපාන ස්වාභෘවික ආපදාවට අමතරව, පැහැදිලිවම පේනවා මෙතන තියන කාණු, ඇළමාර්ග, බෝක්කු වහලා යම් යම් ඉදිකිරිම් කරලා තියනවා. අපි මේ ඉන්නේත් එහෙම ඉදි කිරිමක් කරපු තැනක.

මිනිස්සු ව්‍යෘපාර කරන්න ඕන. ජීවත් වෙන්න ඕන ඔක්කෝම ඇත්ත. හැබැයි ඒවට ගෙවන්න වෙන වන්දිය ගත්තොත් එහෙම අති විශාල ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා අපි නියෝගයක් දෙන්න නෙවෙයි තේරුම්ගන්න දෙයක්, අපි ඇළ මාර්ග වැහුවොත්, කාණු වැහුවොත්, බෝක්කු වැහුවොත්, අනවසර තැන්වල ඉදිරිකිරිම් කරොත් වන්දි ගෙවන්න වෙන්නේ ජීවිත සහ හැමදේකින්ම.

ඒ නිසා අපි කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ අනවසර ඉදි කිරිම්වලට ඉඩ දෙන්න. නමුත් අපි දන්නවා ජනතාව අවුරුදු 25-50ක් තිස්සේ වැරදි ක්‍රමයක් යටතේ පුරුදු වෙච්ච දේවල් තියනවා. ඒවා එක පාර අපිට එක නියෝගෙයකින් වෙනස් කරන්න බෑ. ඒ නිසා කරන්න බලාපොරොත්තු වෙන දේ තමයි මින් ඉදිරියට අලුතෙන් එහෙම දේවල් වලට යන්න නොදි ක්‍රමානුකූලව ජනතාව ආරක්ෂිත තැන්වලට ගෙනියන එක.

ඉතින් දැන් අපිට, මං හිතනවා මාර්ග විවෘත කරාට පස්සේ අපේ අරමුණ තියෙන්නේ, MBRO එකේ වාර්ථාව මත පදනම් වෙලා මාර්ගය අපි හොදට හදනවා. බොහෝ දුරට පස ආරක්ෂා කරන සොයිල් ප්‍රොටෙක්ෂන් වෝල් එක්ක මේ පාර හැදුවොත් අපි හිතනවා, එවා එදපු ගොඩක් තැන්වල එවා ආරක්ෂා වෙලා තියන නිසා යම් උත්තරටක් වෙයි කියලා.දැනට මුදල් වෙන් කරලා තියනවා මහාමාර්ග අමාත්‍යාංශයෙන්.

ඒ වගේම මේ රේල්පාරේ කටයුතු ගත්තොත් ටිකක් සංකීර්ණයි. ඒකත් අපි බලාපොරොත්තු වෙනවා. දැනට දුම්රිය මාර්ග යම් ප්‍රමාණයක් ඕපන් කරලා තියනවා ඔෆිස් ට්‍රෙයින්ස්.  බදුල්ල හපුතලේ මාර්ගය විවෘත කරගන්න අපි ගොඩක්ම අවසාන මට්ටමට ඇවිල්ලා තිබෙන්නේ.  අපිට අභියෝගය තියෙන්නේ පේරාදෙණියයි නානුඔයයි අතර කොටස. ඉතින් ඒක මේ වගේ ඒවා නිසා ටිකක් දුෂ්කර වෙලා තියනවා. ඒවත් උපරිම ඉක්මනින් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

 

 



අදහස් (3)

‘විපක්ෂය අසරණ වෙලා‘

Nandana Thursday, 11 December 2025 07:37 PM

නුඹලත් එකයි... විපක්ෂයත් එකයි. කයිවාරුව නවත්තලා සහන දෙන්න...

:       0       0

Nishan Friday, 12 December 2025 03:20 AM

විපක්ෂය කොහොමද අසරණ වෙන්නේ? මොකද විපක්ෂය නාය ගිහිපු පැතිවලද ඉන්නේ? අසරණ වෙලා ඉන්නේ ගං වතුරට, නාය යෑම් වලට අහු වුණු ජනතාව, ආන්ඩුවේ බොරු පොරොන්දු වලට රැවටිලා ඔවුන් මානසිකවත් වැටිලා...

:       0       1

Nishan Friday, 12 December 2025 03:58 AM

ජනාධිපතිගේ හදිස්සියට මේ කිසිම පාරක් අරින්න හොඳ නෑ. රෝහල්, පාසල්, නිවාස, ගොඩනැගිලි ඉදිකිරීම වුණත් එහෙමයි. මේ වැඩ තනිකරම විශේෂඥයින්ගේ අධීක්ෂණය යටතේ ඉතා පරිස්සමින් කල් අරගෙන කළ යුතුයි. නැත්නම් තව තව විනාශයන් සිද්ද වෙනවා ඒකාන්තයි. ලොකු ආපදාවක් සිදු වුණා. නායයෑම් වළක්වන්න බෑ. ඒත් පෙර සූදානමක් තිබුණා. නම් ගංවතුර පාලනයක් කරගන්න තිබුණා. සැලකිය යුතු ජීවිත ගණනක් බේරාගන්න තිබුණා. යම් තැන්වල දේපල බේරා ගන්නත් තිබුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site