
(ටී.කේ.ජී.කපිල )
චීන ෂීසෑං පකළාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික වෑන් ජුන්ෂෙන්ග් මහතා ප්‍රමුඛ එම පක්ෂයේ උසස් නිලධාරීන් පිරිසක් දෙදින නිල සංචාරයක් සදහා අද(23 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ.
ඔවුන් ශ්‍රී ලංකාවේ අපදාවට ලක් වී ඇති ප්‍රදේශ වල නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ආපදා සහන මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කිරීමට ද , මෙරට රජයේ උසස් රාජතාන්ත්‍රිකයන් හමුවී මේ පිළිබද වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතය .
මෙම චීන දූත පිරිස අද උදෑසන 09.45 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 319 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක , ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොං ( Qi Zhenhong ) ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd