
(විමුක්ති එස් රුද්‍රිගු)
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය අලුත්වැඩියා කිරීමට ලබාදෙන මුදල් ප්‍රදානයන් ලෙස ලබා දෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සහ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකාව දැනටමත් ණය බරින් පීඩා විඳිමින් සිටින මේ අවස්ථාවේ තවත් ණය ලබාගැනීම අපහසු කාරණයක් වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා ඊයේ(11) ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව වෙනුවෙන් එකතු කිරීමට බලාපොරොත්තු වන රුපියල් කෝටි 1090 ක මුදල ද ලබා දෙන්නේ ප්‍රදානයක් වශයෙන් බවත් එම මුදල මෙරට ණය බරට එකතු නොවන බවත් ඔහු පැවැසුවේ ය.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව සිටින ප්‍රජාවන්ට ඉදිරි මාස හතර සඳහා අවශ්‍ය කඩිනම් ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය සහාය සැලසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1090 ක් පමණ) මුදලක් අවශ්‍ය බව ඇස්තමේන්තු කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd