
(දිනේෂ් සමරකෝන්)
මෙරටින් ඇමරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා දැනට පවතින තීරුබදු මට්ටම සියයට 20ක ප්‍රතිශතය 2026 ට පමණක් අදාළ වන ලෙස සියයට 12ක් දක්වා තාවකාලිකව අඩු කරන ලෙස ඉල්ලීමක් කරමින් නිදහස ජනතා සභාවේ නියෝජිත හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යොමු කර ඇත.
දිට්වා සුළි කුණාටුවත් සමග මෙරටට විශාල ආපදාවක් සිදු වූ බැවින් මෙරට දරුවන්ගේ අනාගතය පිළිබඳ පොදු ප්රමුඛ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව උදෙසා ගනු ලබන සුවිශේෂී සහනදායී පියවරක් ලෙස 2024 වසරේ පැවැති අගයට එලෙස තීරු බදු අඩු කරන ලෙස ඉල්ලීම කරතිබේ.
එම ඉල්ලීම ඉටු කරන්නේ නම් එහි වාර්ෂික මුල්‍ය වටිනාකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්) මෙරටට ලබා දෙනු ලබන ණය මුදලේ එක් වාරික අගයකටත් වඩා ඉහළ අගයක් ගන්නා බව ද එහි සඳහන් කර ඇත.
ඒ අනුව එම ඉලක්කගත සහනය මෙරට ආර්ථික ප්‍රතිසාධනයට විශාල බලයක් ලබා දී ප්‍රධාන අපනයන අංශවල සහාය වීම, යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, ජීවනෝපායන් ප්‍රතිස්ථාපනය කිරීම සහ අත්‍යාවශ්‍ය සේවා සැපයීම සවිබල කරනු ඇති බව එහි සඳහන් වේ
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔල මොට්ටල කතා නවත්තලා අපේ විපනායක සජිය මේ කතාව කිව්වා නම් කොච්චර වටිනවාද?
ඹබතුමා නම් රටට ආදරෙයි. විපක්ෂයේ හාල්පාරුවෝ නම් ට්‍රම්ප් ජනාධිපතිට කියාවි තව බදු වැඩි කරන්න කියලා...!
මිනිස්සු රවටන දේශපාලනය. විදෙස් රටවල් පුදගලයින් මත තීන්දු නොගන්නා අතර රටේ ප්‍රතිපත්ති මත තීන්දු ගනී... අම්මපා මේවාට රැවටෙන අය තවම ලංකාවේ ඉන්නවනේ...
හොද වැඩක් ... අගය කළ යුතුයි.
ඇයි ඔය ඉල්ලීම මීට කලින් නොකලේ. අපි හොදින්ම දන්නවා කවුරු නැතත් ඔබතුමා ඉල්ලුවා නං කිසිම බද්දක් අය නොකරන බව අපිට ඉර හඳ වගේ සහතිකයි. ට්‍රම්ප් මහත්තයා ඔබ තුමාගේ බොක්කනේ. හොර ගෙඩියා වගේ ගනන් උස්සලා හිටියා නේද? දැන් හරි දැන් හරි අපි ගොඩම ගොඩ...
බොහොම හොද ඉල්ලීමක්. සුබදායක පිළිතුරක් ලැබේවායි ශ්‍රී ලාංකිකයන් හැටියට අපි ප්‍රාර්ථනා කරමු. ඩලස් මහතාගේ ක්‍රියාව අපි අගය කළ යුතුයි.
අගය කළයුතු උත්සාහයක්. සාර්ථක වේවා...
හරි මචෝ ඕකේ, එහෙමයි ඕකේ...
කුණුකූඩේට යයි ට්‍රම්ප්ගේ කාර්යාලයට යන්න ඉස්සෙල්ලා..
ඇමැති කාලේ හදපු ලිපියක කොපියක් ගන්නවා.. ඒක ඒඩිට් කරලා ට්‍රම්ප්ගේ නම දාලා ඔය චැට් ජීපීටි ඒකෙන් රචනාව බාගත කරලා ඒක ලියුමට දාලා යටින් ඩලස් අලහප්පෙරුම කියලා ලියලා යවනවා. ඒකනේ ඉතින් ඕක ට්‍රම්ප් බලයිද? ට්‍රම්පුත් ඉතින් චැට් ජී පී ටී එකෙන්ම අනේ වෙරි සොරි... ඩලස් අපිටත් අමාරුයි කියලා ලියලා. ඒවයි..
මේ වගේ මෝඩ චූන් තමා මෙයා කරන්නේ..., ඩලස් කියන්නේ කවුද කියලා ට්‍රම්ප් දන්නේ නැහැ. ඔය ඩලස් කියන්නේ ඇමරිකාවේ තිබෙන නගරයක නමක්... ඩලස්ලා කැබිනට් එකේ හිටපු කාලේ ඔය මොලේ කොහේද තිබුනේ... ඔයගොල්ලත් අපිට හිටු කියලා තීරු බදු ගැහුවා. එම තීරුබදු තමා අදත් තිබෙන්නේ..., අපේ ආණ්ඩුව ගහන තීරු බද්දෙන් 50% වත් ට්‍රම්ප් ගහන්නේ නැහැ... ඉස්සරවෙලා අපේ ආණ්ඩුවට කියන්න තීරු බදු අඩුකරන්න කියලා...
ඇමති කාලෙ පතෝල වගේ ඉදලා දැන් ගහනවා ට්‍රම්ට ලියුම්..