
(රෝෂන් තුෂාර)
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (21) වරෙන්තු කළේය.
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විභාගවන නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තූ නිකුත් කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු හය දෙනකු විත්තිකරුවන් කරමින් කුරුඳුවත්ත පොලිසිය මගින් නඩු පවරා ඇති අතර විත්තිකරුවන් ලෙස විමල් වීරවංශ,වීර කුමාර දිසානායක, ජයන්ත සමරවීර,පියසිරි විජේනායක, මොහොමඩ් මුසාමිල් සහ රොජර් සෙනෙවිරත්න නම් කර ඇත.
අදාළ වරෙන්තුව නිකුත් කිරීමෙන් පසුව විමල් වීරවංශ මහතා අධිකරණය පෙනී සිටි අතර වෙනුවෙන් පෙනී සිටින්නේ ඉවරයා කරුණු දක්වමින් සඳහන් කර සිටියේ වාහනය ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවය.
සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වරෙන්තුව ආපසු කැඳවීමට අදාල ඉල්ලීම හෙට දිනයේදී වැඩිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd