
රංජන් කස්තුරි
සුරාබදු දෙපාර්තමේන්තුවේ නව තීරණය හේතු වෙන් මත්පැන් සමාගම්වලට වැඩිපුර බදු ගෙවීමට සිදුවන අතර සුරාබදු නිලධාරීන් විශාල ලෙස ගන්නා මත්පැන් සාම්පලද අපතේ යන ඒවා ලෙස සටහන් කරන බව සමාගම් සදහන් කරයි.
මේ අතර එම සාම්පල සෑම නිලධාරීයෙක්ම ස්ථාන මාරැ වන විට අයවිය යුතු බද්දක් ලෙසට සටහන් තබන නමුත් සාම්පල සදහා කිසිදු වාර්තාවක් නොලැබෙන හෙයින් එම සාම්පල සදහා බදු ගෙවීමට නොහැකි බවද මත්පැන් සමාගම් කියයි.
මත්පැන් නිෂ්පාදන සදහා මෙතෙක් ගණනය කළ අපතේ යන මධ්‍යසාර ප්‍රමාණය සියයට 1.5 සිට සියයට 0.1 දක්වා අඩු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගත් නව තීරණයට මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් දැඩි විරෝධය පළ කර තිබේ.
එම සමාගම් සුරාබදු දෙපා ර් ත මේන්තුවට දන්වා ඇත්තේ නව නීතිය හේතුවෙන් තම සමාගම් විසින් ගෙවිය යුතු බදු ප්‍රමාණය තව දුරටත් ඉහළ යන බැවින් තම සමාගම්වලට මත්පැන් නිෂ්පාදනය අතහැර දැමීමට සිදුවනු ඇති බවය.
තම සමාගම් සුරාබදු දෙපාර්තමෙන්තුවට දැනටමත් රුපියල් කෝටි 2300 ක අති විශාල බදු මුදලක් ගෙවන බවද එම සමාගම් සුරා බදු දෙපා ර් තමේන්තුවට දන්වා තිබේ.
ප්‍රමුඛපෙලේ සමාගම් වලටත් නැවත බදු ගෙවීමට සිදු වීම හේතුවෙන් තවදුරටත් එම සමාගම්වලට සිය නිෂ්පාදන කටයුතු කරගෙන යාම අසීරු වී ඇතැයි එම සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇත.
මත්පැන් නිෂ්පාදනයෙදී මෙන්ම ගබඩා කිරීමේ ක්‍රියාවලියේදී මෙම මධ්‍යසාර වාෂ්පවීමේ සිදුවීම් බහුලව වාර්තා වේ. විශේෂයෙන්ම බෝතල් කිරීමේ යන්ත්‍ර වෙත ස්ප්‍රීතු යොමු කිරීමේදී සහ නවීන යන්ත්‍ර මගින් සිදු කෙරෙන බෝතල් කිරීමෙදීද මෙසේ මධ්‍යසාර වාෂ්පවීම් විශාල වශයෙන් සිදු වේ. මීට අමතරව රජයේ රස පරීක්ෂකවරයා වෙත මත්පැන් බෝතල් යොමු කිරීමෙදී සුරාබදු දෙපාර්තමෙන්තු නිලධාරීන් විසින් සිය භාරයට ගන්නා මත්පැන් බෝතල් තොගද ගණනය කෙරෙන්නේ මෙම අපතේයන මධ්‍යසාර ප්‍රතිශතය යටතේ වීම විශේෂත්වයකි.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 991 දරණ සුරාබදු නිවේදනය මගින් පසුගිය ජුලි මස 24 වැනිදා මෙම නව සංශෝධිත නිවේදනය නිකුත් කර ඇත.
සත්‍ය වශ්‍යෙන්ම, මෙම අපතේයාම් සිදු වන්නේ කෙසේද, කුමන කරුණු මතද, එසේ අපතේ යාම් ගණයට වැටෙන්නේ කුමන මත්පැන් බෝතල්ද යන්න නිවැරදිව ගණනය කිරීම මෙන්ම ඒ සඳහා විද්‍යානුකූල පරීක්ෂණයක් සිදු කිරීමද අත්‍යවශ්‍ය බවද එම සමාගම් කර ඇති ලිඛිත දැනුම්දීමේ සදහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd