දෙවන දිනටත් කතරගම හර්තාල් කතරගම ඒකාබද්ධ වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසී ජනතාව එක්ව ඊයේ(28) කතරගම නගරය පුරා කළු කොඩි ඔසවා ආරම්භ කළ හර්තාල් විරෝධතාව අද(29) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ. 29 March 2019
කොස්ලන්දේ පවුල් 25 ක් ඉවත් කෙරේ කොස්ලන්ද අඹරගල වතුයායේ ඇතිවූ හදිසි නායයෑමක් හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පවුල් 25 ක් අද (29) එම නිවාසවලින් ඉවත් කර තාවකාලිකව පැරණි වතු බංගලාවක පදිංචි කර ඇතයි කොස්ලන්ද පොලීසිය පවසයි. 29 March 2019
යාල වනෝද්‍යානයේ කකුළුවන් ඇල්ලූ දෙදෙනෙකුට 70,000ක දඩ යාල ජාතික වනෝද්‍යානයේ පොත්තන කලපුවේ කකුළුවන් අල්ලමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු වරද පිළිගත් එක්අයෙකුට රුපියල් 35,000 බැගින් දඩ මුදලක් ගෙවීමට දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් කාංචනමාලි සුසන්තා ගුණසේකර මහත්මිය නියෝග කළාය. 29 March 2019
කටුවන ජාතික පාසලේ මව්පියවරු සහ සිසුවෝ විරෝධතාවක කටුවන ප්‍රාථමික විද්‍යාලයේ සිසුසිසුවියෝ පිරිසක් සහ ඔවුන්ගේ මාපියෝ අද(29) එම විද්‍යාලය සහ කටුවන ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වූහ. 29 March 2019
රාගම හදිසි ප්‍රතිකාර ඒකකය ගැන පෙත්සමක් රාගම ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය(ETU) පෙර පරිදි පැය 24 සේවාවක් කිරීමට අවශ්‍ය වෛද්‍යවරුන් වහා ලබාදීම ඇතුලු ඉල්ලීම් හතරක් සඳහන් කරමින් නිදහස් සෞඛ්‍යය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය අත්සන් කළ පෙත්සමක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට ලබා දී ඇත. 28 March 2019
ඔරුවලදී මත් ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට රුපියල් ලක්ෂයක් පමණ වටිනා මත් ද්‍රව්‍ය තොගයක් සමඟ 20 හැවිරිදි තරුණයෙකු අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ දි අද (28) අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 28 March 2019
බලපත්‍ර රහිතව ඉඩමක කැණීම් සිදු කළ ව්‍යාපාරිකයන් 2 ක් අත්අඩංගුවට පාදුක්ක බෝපේ ප්‍රදේශයේ ඉඩමක බලපත්‍ර රහිතව සැකකටයුතු ආකාරයේ කැණීමක් සිදු කරමින් සිටි බව කියන ව්‍යාපාරිකයින් දෙදෙනෙකු සහ කම්කරුවන් තිදෙනෙකු අද (28) අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි. 28 March 2019
අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා ගෙන ආ යෝජනාවක් සම්මත වෙයි අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා අද (28 ) වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා සැසි වාරයේදී සභාපති සමන්ත මුණසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය. 28 March 2019
උඩුනුවර ප්‍රා. සබේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට විරෝධය උඩුනුවර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවයක හේතුවෙන් අද (28) උඩුනුවර ප්‍රාදේශීයසභාවේ නොසන්සුන් තත්වයක් හටගෙන ඇත. 28 March 2019
අපිරිසිදු ආහාර අලෙවි කළ ස්ථාන 32 කට නඩු නැගෙනහිර කොළඹ ප්‍රදේශයේ ආපනශාලා සෝදිසි කිරීමේදී මිනිස් පාරිභෝජනයට නුසුදුසු ලෙස ආහාර පාන අලෙවි කළ අවන්හල් සහ ආපනශාලා 32 කට එරෙහිව නීතීය ක්‍රියාත්මක කළ බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය පවසයි. 28 March 2019
නීතිවිරෝධී මත්පැන් බෝතල් 600ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට නීතිවිරෝධී මත්පැන් ස්ප්‍රීතු බෝතල් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද(28) අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ ඒකකය පවසයි. 28 March 2019
කෘමීන් ඇල්ලූ විදේශිකයින් දෙදෙනා රිමාන්ඩ් නුවරඑළිය, හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ කෘමි සතුන් අල්ලාගෙන මෙරටින් රැගෙන යාමට තැත් කිරීම ඇතුළු චෝදනා 80 ක් සඳහා නිවරදිකරුවන් බව පැවසූ විදේශිකයන් දෙදෙනෙකු අප්‍රේල් මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (28) නියෝග කළේය. 28 March 2019
නෝවුර්ඩ් වතු අධිකාරීවරයකුගේ නිවසක් කම්කරුවෝ වටලති නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ නියෝගයක් සහිත ලිපියක් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ වතු අධිකාරිවරයෙකුගේ නිල නිවසක් නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු වතු කම්කරුවන් අද (28) වටලනු ලැබීමෙන් කළබලකාරී තත්ත්වයක් ඇති විය. 28 March 2019
ලක්ෂ 5ක මත්පැන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට කොල්ලුපිටියේදී සුඛෝපභෝගී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් 500,000කට අධික වටිනාකමින් යුතු විදේශීය මත්පැන් බෝතල් 40ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 28 March 2019
මන්නාරම - වව්නියාවේ සත්යග්රහයන් හා විරෝධතා මන්නාරම තිරුකේතීෂ්වරම් හින්දු කෝවිලට ඇතුළු වන මාර්ගයේ ඉදිකර තිබූ පිළිගැනීමේ තොරණ කඩා බිඳ දැමූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා හින්දු පූජකවරුන් ඇතුළු සිවිල් සංවිධාන අද (28) මන්නාරමේ සහ වව්නියාවේදී සත්යග්රහයන් හා විරෝධතාවයන් සංවිධානය කර තිබිණි. 28 March 2019
දෙනියායේ මව්පියෝ පිරිසක් විරෝධතාවයක දෙනියාය කලාපයේ දමිළ පාසල්වල සිසුන්ගේ මව්පියවරු පිරිසක් අද (28) බස් නැවතුම් පොළ ඉදිරිපිට විරෝධතාවයක නියැලුණහ. 28 March 2019
පාතහේවාහැට ප්‍රා.ස නව සභාපතිවරයෙක් පාත හේවාහැට ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වයි. එම්. රණසිංහ යාපා බණ්ඩාර මහතා අද (28) පෙරවරුවේ පැවති ඡන්ද වීමසීමේදි තේරී පත්විය. 28 March 2019
දෙහිවල රාජ්‍ය බැංකුවක ගින්නක් දෙහිවල ගුවන් පාලම අසළ පිහිටි රාජ්‍ය බැංකුවක අද (28) අලුයම ඇතිවූ ගින්නකින් එහි පළමු මහල සම්පූර්ණයෙන් දැවී විනාශ වී ඇතැයි දෙහිවල - ගල්කිස්ස නගර සභා ගිනි නිවීමේ ඒකකය සඳහන් කරයි. 28 March 2019
ඇත්දළ විකිණීමට ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට වව්නියාව ඕමන්ත ප්‍රදේශයේ දී ඇත්දළ දෙකක් විකිණීමට ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවට මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු පැවසූහ. 28 March 2019
රෝහණ ජයරත්න මාතලේ ශ්‍රීලනිප සංවිධායක ධූරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක ලෙස හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහණ ජයරත්න මහතා පත්කර ඇති අතර එම පත්විම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමනු ලැබීය. 28 March 2019
ගලහ බෙල්වුඩ් කන්දේ ගින්නක් ගලහ බෙල්වුඩ් කන්දේ ගින්නක් හටගෙන ඇති අතර ගින්න අක්කර ගණනාවක් පුරා පැතිර යමින් පවතියි. 27 March 2019
බදුල්ල සොරණාතොට කඳු 2 ක් ගිනි ගනී බදුල්ල සොරණාතොට සහ අඹගහඔය කඳු වැටි දෙකට අද (27) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති අතර මේ වන විටත් ගින්න සීඝ්රයෙන් පැතිර යමින් පවතියි. 27 March 2019
කොළඹ නගරයේ දෛනික ජල සැපයුමෙන් සියයට 30ක් අපතේ කොළඹ නගරයට දෛනික බෙදාහැරෙන ජලය කියුබික් මිලියන ලක්ෂ 3ක් අතරින් සියයට 30 ක් පමණ අපතේ යන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත. 27 March 2019
වනාන්තර විනාශය නවත්වන්නැයි සබරගමු සිසුහු පාරට බසිති විල්පත්තුව, සිංහරාජය, නකල්ස්, ඇතුලූ වනාන්තර රජයේ මැති ඇමතිවරුවන්ගේ මැදිහත් වීම මත විනාශ කරනවා යැයි චෝදනා කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුහු අද (27) දින විරෝධතා පුවරු රැගත් පා ගමනකට එක් වූහ. 27 March 2019
පාතහේවාහැට ප්‍රා.සභාවට නව මන්ත්‍රීවරයෙක් පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩුවී පැවති මන්ත්‍රීධුරය සඳහා සුල්බි මරික්කාර් මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින් පත්කර ඇත. 27 March 2019
අපිරිසිදු ආහාර තිබූ අලෙවිසැල් 13 කට නඩු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බදුල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන 54 ක ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කළ අතර මහජන සෞඛ්‍යයට අහිතකර ලෙස ආහාර ද්‍රව්‍ය විකිණීමට තබා තිබූ වෙළදසැල් 13 කට විරුද්ධව නඩු පැවරීමට පියවර ගෙන තිබේ. 27 March 2019
නුවරඑළියේ ඉඩම් මංකොල්ලයට එරෙහිව උද්ඝෝෂණයක් නුවරඑළිය, සිංගල්ට්‍රී ප්‍රදේශයේ මහා පරිමාණයේ ඉඩම් මංකොල්ලයක් සිදු වෙමින් පවතින බව පවසමින් ඊට එරෙහිව භික්ෂුන් වහන්සේලා ඇතුළු නුවරඑළියේ ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් පිරිසක් අද (27) නුවරඑළිය නගරයේ දී උද්ඝෝෂණයක නිරතවුහ. 27 March 2019
යතුරුපැදි අනතුරකින් කතක් මරුට ගිරිඋල්ල - මීගමුව ප්‍රධාන මාර්ගයේ දංකොටුව නගර මධ්‍යයේ දී අද (27) යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් අඹුසැමි යුවළක් බරපතල ලෙස තුවාල ලබා දංකොටුව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් ඇති බව දංකොටුව පොලීසිය පවසයි. 27 March 2019
වතුර ඉල්ලා කළගෙඩි රැගෙන ප්‍රා.සභාවට එති කුරුවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ උඩකඩ ග්‍රාමයට නළ ජලය දින ගණනාවකින් නොලැබීමට විරෝධය පා අද (27) ගම්වාසීහු කොළඹ රත්නපුර ප්‍රධාන පාර අයිනේ විරෝධතාවක් පවත්වා කළගෙඩි, බාල්දි අතැතිව පෙළපාළියකින් කුරුවිට ප්‍රාදේශීය සභා කාර්යාලයට ගියහ. 27 March 2019
හිටපු මහා භාරකාර සෙනෙවිරත්න සමුගනී විශ්‍රාමලත් මහා බාරකාර එන්.එස්.ඒ. සරත් සෙනෙවිරත්න මහතා අද (27) අභාවප්‍රාප්ත විය. 27 March 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025