(වයි. ඒ. එස්. වීරවංශ)
විල්පත්තුව, සිංහරාජය, නකල්ස්, ඇතුලූ වනාන්තර රජයේ මැති ඇමතිවරුවන්ගේ මැදිහත් වීම මත විනාශ කරනවා යැයි චෝදනා කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුහු අද (27) දින විරෝධතා පුවරු රැගත් පා ගමනකට එක් වූහ.
සබරගමුව විශ්ව විද්‍යාලයේ ප‍්‍රධාන දොරටුව ඉදිරිපිටින් විවිධ පුවරු රැගත් සිසුන් පා ගමනින් කොළඹ, බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ පඹහින්න මං සනධිය දක්වා පැමිණ එක් මං තීරුවක් අවහිර කරමින් බළධාරීන්ට විරෝධය පළ කළහ.
මේ සම්බන්ධයෙන් අදහස දැක්වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිශ්ශංක ගමගේ සිසුවා පැවසුයේ ඇමරිකාවේ සහ චීනයේ උවමනාවන් ඉෂ්ඨ කරමින් මෙරට වැසි වන්නාතර මෙන්ම අනිකුත් රක්ෂිත විනාශ කිරීමට රජයේ මැති ඇමතිවරු හවුල් වී ඇති බවයි.
වහාම විල්පත්තුව, සිංහරාජය, නක්ලස් වැනි ලෝක උරුමයන් ලෙස සලකන රක්ෂිත ආරක්ෂා කිරීමට ජනාධිපති අගමැති ඇතුලූ මැති ඇමතිවරුන් වහා පෙරට පැමිණිය යුතු බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔක්කොම මේකට සහය දිය යුතුයි. විශේෂයෙන් කඳුරට වන ගහනය සීග්‍රයෙන් අඩුවෙමින් පවතිනවා. මෙය වැහි ජලය පොලවට අවශෝෂණය කරගැනීමට හා නියං කාලයේ ජල උල්පත් සිඳී යාමට දරුණුවටම බලපානවා. ජපානයේ වගේ නීති දැමිය යුතුයි .
හොද වැඩක්! මම ඉන්න ස්වීඩන් වල, පොඩි දරුවෙක් තනියෙන් පටන් ගත්ත පරිසරය රැකගමු කියල උද්ගෝෂණයක් දැන් ඒක මුළු ලෝකේ වටේම පැතිරිලා ගිහින් පාසල් ළමුන් එලි පිට ඇවිත් ඒ ඒ රජයන්ට බල කරනවා පරිසරය රැකගන්න කියල. මේක තමා වෙන්න ඕනේ. මේ බල ලෝභි දේසපාලුවෝ හින්දා තමා පරිසරය විනාශ වෙන්නේ.