IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වනාන්තර විනාශය නවත්වන්නැයි සබරගමු සිසුහු පාරට බසිති

(වයි. ඒ. එස්. වීරවංශ)
           
විල්පත්තුව, සිංහරාජය, නකල්ස්, ඇතුලූ වනාන්තර රජයේ මැති ඇමතිවරුවන්ගේ මැදිහත් වීම මත විනාශ කරනවා යැයි චෝදනා කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුහු  අද  (27)  දින විරෝධතා පුවරු රැගත් පා ගමනකට එක් වූහ.
 

 සබරගමුව විශ්ව විද්‍යාලයේ ප‍්‍රධාන දොරටුව ඉදිරිපිටින්  විවිධ පුවරු රැගත් සිසුන් පා ගමනින් කොළඹ, බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ  පඹහින්න  මං සනධිය දක්වා පැමිණ එක් මං තීරුවක් අවහිර කරමින් බළධාරීන්ට විරෝධය පළ කළහ.
 
 මේ සම්බන්ධයෙන් අදහස දැක්වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිශ්ශංක ගමගේ සිසුවා පැවසුයේ  ඇමරිකාවේ  සහ චීනයේ උවමනාවන් ඉෂ්ඨ කරමින් මෙරට වැසි වන්නාතර මෙන්ම අනිකුත් රක්ෂිත විනාශ කිරීමට රජයේ මැති ඇමතිවරු හවුල් වී ඇති බවයි.
 
වහාම විල්පත්තුව, සිංහරාජය, නක්ලස් වැනි ලෝක උරුමයන් ලෙස සලකන රක්ෂිත ආරක්ෂා කිරීමට ජනාධිපති අගමැති ඇතුලූ මැති ඇමතිවරුන් වහා පෙරට පැමිණිය යුතු බවයි.
 


 
 



අදහස් (2)

වනාන්තර විනාශය නවත්වන්නැයි සබරගමු සිසුහු පාරට බසිති

sarath Wednesday, 27 March 2019 12:02 PM

අපි ඔක්කොම මේකට සහය දිය යුතුයි. විශේෂයෙන් කඳුරට වන ගහනය සීග්‍රයෙන් අඩුවෙමින් පවතිනවා. මෙය වැහි ජලය පොලවට අවශෝෂණය කරගැනීමට හා නියං කාලයේ ජල උල්පත් සිඳී යාමට දරුණුවටම බලපානවා. ජපානයේ වගේ නීති දැමිය යුතුයි .

:       0       11

Nuwan Wednesday, 27 March 2019 01:57 PM

හොද වැඩක්! මම ඉන්න ස්වීඩන් වල, පොඩි දරුවෙක් තනියෙන් පටන් ගත්ත පරිසරය රැකගමු කියල උද්ගෝෂණයක් දැන් ඒක මුළු ලෝකේ වටේම පැතිරිලා ගිහින් පාසල් ළමුන් එලි පිට ඇවිත් ඒ ඒ රජයන්ට බල කරනවා පරිසරය රැකගන්න කියල. මේක තමා වෙන්න ඕනේ. මේ බල ලෝභි දේසපාලුවෝ හින්දා තමා පරිසරය විනාශ වෙන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site