IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දෙවන දිනටත් කතරගම හර්තාල්

(එම්. කේ. නන්දසේන)
 
කතරගම ඒකාබද්ධ වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසී ජනතාව එක්ව ඊයේ(28) කතරගම නගරය පුරා කළු කොඩි ඔසවා ආරම්භ කළ හර්තාල් විරෝධතාව අද(29) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.
 
කතරගම පුජාභූමිය තුළට අසීමිත ලෙස වාහන ඇතුළු කිරීම, විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවෙමින් පැවතීම යනාදී කරුණු රැසකට විරෝධය දක්වමින් මෙම හර්තාල් විරෝධය ක්‍රියාත්මක කළද ඊට විසඳුම් ලබාදීමට සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශය හෝ වෙනත් වගකිවයුතු ආයතනයක් ඉදිරිපත් නොවීම හේතුවෙන් අද(29) දිනයේද එය පැවැත්වීමට වෙළඳ ප්‍රජාව කටයුතු කළහ.
 
 මෙවන් අතිපූජනීය නගරයක ගැටලුවක් විනාඩි කීපයක් තුළ ඉතා පහසුවෙන්  විසඳුම් ලබාදිය හැකිවුවද වගකිව යුතු ආයතන නිහඬව පසුවීම පිළිබඳ තමා මවිතයට පත්වන්නේ යැයි කතරගම ඒකාබද්ධ වෙළඳ සංගමයේ සභාපති එච්. ආර්. කේ. ගයාන් සම්පත් මහතා පැවසීය. මෙම පුද බිම ආරක්ෂා නොකර විනාශවී යාමට අනුබල දෙන සෑම වගකිව යුත්තෙකුම දේව ශාපයට ලක්වන බවද  සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (1)

දෙවන දිනටත් කතරගම හර්තාල්

රවින් Sunday, 31 March 2019 08:37 AM

පහුගිය දවස්වල පුවත් පළවුනා විකෘර්ති කරනලද මුදල් විශාල ප්‍රමාණයක් කතරගම දේවාලේ තුළ පිං කැටවල තියනවා කියලා. ඒ අයවලුන් දේව ශාපයට ලක්වන්නේ නැද්ද? මේගොල්ලෝ මේ කෑගහන්නේ සම්තින් එක අප්සට් ගිහිල්ලා වගේ. දේවාල භුමිය තුල කඩ නැහැනේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site