IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වතුර ඉල්ලා කළගෙඩි රැගෙන ප්‍රා.සභාවට එති


 (අජිත්ලාල් ශාන්තඋදය)
 

කුරුවිට ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ උඩකඩ ග‍්‍රාමයට නළ ජලය දින ගණනාවකින් නොලැබීමට විරෝධය පා අද (27) ගම්වාසීහු  කොළඹ රත්නපුර ප‍්‍රධාන පාර අයිනේ විරෝධතාවක් පවත්වා කළගෙඩි, බාල්දි අතැතිව පෙළපාළියකින් කුරුවිට ප‍්‍රාදේශීය සභා කාර්යාලයට ගියහ.

නළ ජලය ලබාගන්නේ කුරුවිට ප‍්‍රාදේශීය සභාවේ පාලනය යටතේ පවතින කුඩා නගර ජල සම්පාදන ක‍්‍රමය මගින් බවත් දැනට සතියක කාලයක පටන් උඩකඩ ප‍්‍රදේශයට ජලය නොලැබෙන බවත් ජලය ලැබෙන අවස්ථාවල බොරපාට, පාව්ච්චියට කිසිසේත් නුසුදුසු අපවිත‍්‍ර ජලය ලැබෙන බවත් විරෝධතාකරුවෝ කීහ. 

ජලය නොලැබුණත් පයිප්ප හරහා එන සුළඟට මීටර් කරකැවෙන බව කී විරෝධතාවේ නිරත පිරිස ජලය නොමැතිව බිල් ගෙවීමට සිදුව ඇතැයි ද ගම්වාසීහු චෝදනා කළහ. 

ජල යෝජනා ක‍්‍රමයෙන් ජලය දිය හැකි පාරිභෝගික ප‍්‍රමාණය ඉක්මවා ජලය ලබාදීම ජල හිඟයට හේතුව වී ඇතැයි ද විරෝධතාකරුවෝ කීහ.

ප‍්‍රාදේශීය සභාවට මේ ජල යෝජනා ක‍්‍රමය නඩත්තු කරගෙන යා නොහැකි නම් ජලසම්පත් මණ්ඩලයට එය පවරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.

ජල හිඟය පවතින උඩකඩ ප‍්‍රදේශයට බවුසර් මගින් දිනකට පානීය ජලය ලීටර් 15 බැගින් එක් ජල පාරිභෝගිකයකුට ලබාදීමටත්, පිරිසිදු කිරීමේ ක‍්‍රමයක් සකසන කුරු ගඟෙන් කෙළින්ම පොම්ප කරන ජලය ගෙදරදොරේ කටයුතු සඳහා නළ ඔස්සේ එවීමේ පොරොන්දුව මත පිරිස විසිර ගියහ.



අදහස් (1)

වතුර ඉල්ලා කළගෙඩි රැගෙන ප්‍රා.සභාවට එති

රවින් Sunday, 31 March 2019 08:28 AM

ඔය කියන මඩ වතුර ගෙනල්ලා අර උජාරුවට ගාම්බිර ලෙස ඉන්න අය නාවලා ගියානම් එම මොහොතේ ඉඳන් වතුර ප්‍රශ්නය විසදේවි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site