(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම තිරුකේතීෂ්වරම් හින්දු කෝවිලට ඇතුළු වන මාර්ගයේ ඉදිකර තිබූ පිළිගැනීමේ තොරණ කඩා බිඳ දැමූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන ලෙස ඉල්ලා හින්දු පූජකවරුන් ඇතුළු සිවිල් සංවිධාන අද (28) මන්නාරමේ සහ වව්නියාවේදී සත්‍යග්‍රහ හා විරෝධතාවයන් සංවිධානය කර තිබිණි.
මන්නාරම් නගර මධ්‍යයේ මන්නාරමේ හින්දු පූජකවරුන් හා සිවිල් සංවිධාන කිහිපයක් විසින් අද (28) විරෝධතාවයක් සංවිධානය කර තිබූ අතර විරෝධතාවය පාගමනකින් ගමන් කර විරෝධතාකරුවන් විසින් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්රියාත්මක කරන ලෙස ඉල්ලන ලද සංදේශයක් මන්නාරම් දිසාපති සී.ඒ.මෝහන්රාජ් මහතා වෙතට බාර දෙනු ලැබීය.
මේ අතර වව්නියාව කන්දසාමි කෝවිල ඉදිරිපිට වව්නියාවේ හින්දු පූජකවරුන් හා සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයින් විසින් ද ඊයේ (27) සත්‍යග්‍රහය ආරම්භ කර ඇති අතර එය අද දිනයේ ද ක්‍රියාත්මක වේ.
උතුරු පළාතේ ජීවත්වන ජනතාවගේ සාමය සංහිඳියාව බිඳ දැමීමේ චේතනාවෙන් සිදුකර ඇති අතර වරදකරුවන් අත්අඩංගුවට නොගැනීම හා නීතිය ක‍්‍රියාත්මක නොවීම පිළිබඳ විශාල සැකයක් මතුවන බව සත්‍යග්‍රහයේ නිරත වූ හින්දු පූජකවරු කීහ.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්නාරම - වව්නියාවේ සත්‍යග්‍රහයන් හා විරෝධතා