(එච්. එම්. ධර්මපාල)
දෙහිවල ගුවන් පාලම අසළ පිහිටි රාජ්‍ය බැංකුවක අද (28) අලුයම ඇතිවූ ගින්නකින් එහි පළමු මහල සම්පූර්ණයෙන් දැවී විනාශ වී ඇතැයි දෙහිවල - ගල්කිස්ස නගර සභා ගිනි නිවීමේ ඒකකය සඳහන් කරයි.
ගිනි නිවන භටයන් 12 ක්, ගිනි නිවීමේ රථයක්, ජලබවුසර් 2 ක් යොදාගෙන පැය දෙකකට ආසන්න කාලයක් තුළ දැඩි ප්‍රයත්නයක් දරා ගින්න මැඩපවත්වා තිබේ.
ගින්න ඇතිවන විට ආයතනය සම්පූර්ණයෙන් දොරගුළු දමා වසා තිබූ බවත් එහි කිසිවෙකුත් නොසිටි බවත් පොලිසිය පවසයි.
ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් ගණනය කර නොමැති බවත් ගින්නට හේතුව අනාවරණය වී නැති බවත් පොලිසිය සඳහන් කරයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd