(එච්. එම්. ධර්මපාල)
දෙහිවල ගුවන් පාලම අසළ පිහිටි රාජ්‍ය බැංකුවක අද (28) අලුයම ඇතිවූ ගින්නකින් එහි පළමු මහල සම්පූර්ණයෙන් දැවී විනාශ වී ඇතැයි දෙහිවල - ගල්කිස්ස නගර සභා ගිනි නිවීමේ ඒකකය සඳහන් කරයි.
ගිනි නිවන භටයන් 12 ක්, ගිනි නිවීමේ රථයක්, ජලබවුසර් 2 ක් යොදාගෙන පැය දෙකකට ආසන්න කාලයක් තුළ දැඩි ප්‍රයත්නයක් දරා ගින්න මැඩපවත්වා තිබේ.
ගින්න ඇතිවන විට ආයතනය සම්පූර්ණයෙන් දොරගුළු දමා වසා තිබූ බවත් එහි කිසිවෙකුත් නොසිටි බවත් පොලිසිය පවසයි.
ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් ගණනය කර නොමැති බවත් ගින්නට හේතුව අනාවරණය වී නැති බවත් පොලිසිය සඳහන් කරයි.




2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙහිවල රාජ්‍ය බැංකුවක ගින්නක්