IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාතහේවාහැට ප්‍රා.ස නව සභාපතිවරයෙක්

(ඩබ්ලිව්.ඒ. අසේල)
 
පාත හේවාහැට  ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වයි. එම්. රණසිංහ යාපා බණ්ඩාර මහතා අද (28) පෙරවරුවේ  පැවති ඡන්ද වීමසීමේදි තේරී පත්විය.
 
පාත හේවාහැට ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩුව පැවති සභාපති තනතුර සඳහා මධ්‍යම  පළාතේ පළාත් පාලන කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන් එම සභාවේදි අද ඡන්ද විමසීමක් පැවැත්වුණි.
 
සභාපති තනතුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වයි.එම්. රණසිංහ යාපා බණ්ඩාර මහතාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමිල අමරසිංහ හා ස්වාධීන කණ්ඩායමේ කේ.එස්.බි. රාජනායක යන අයගේ නම් යෝජනා විය.
 
එහිදි අමිල අමරසිංහ මහතා  තමා  ඡන්දයට ඉදිරිපත් වීමෙන් ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කළේය. අනුව විවෘත ඡන්ද වීමසීමක් පැවති අතර එහිදි ඡන්ද 23ක් ලබා ගත්  වයි. එම්. රණසිංහ යාපා බණ්ඩාර මහතා සභාපති ලෙස තේරී පත්විය. මන්ත්‍රී ධුර 41 ක් හිමි සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව යාපා බණ්ඩාර මහතාට ඡන්දය ලබා දුන් අතර එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය හා ස්වාධීන  කණ්ඩායම කේ.එස්.බි. රාජනායක මහතාට ඡන්දය දෙනු ලැබීය.
 
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය පාවිච්චි කිරීම සඳහා පැමිණ සිටයේ නැත. 



අදහස් (0)

පාතහේවාහැට ප්‍රා.ස නව සභාපතිවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32205 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14689 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 67 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 340 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1263 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site