(ජයන්ත සමරකෝන්)
නීතිවිරෝධී මත්පැන් ස්ප්‍රීතු බෝතල් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද(28) අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ ඒකකය පවසයි.
සැකකරුවන් සතුව තිබී මත්පැන් බෝතල් 600ක් සුරාබදු ඒකකය බාරයට ගෙන ඇත.
මෙම මත්පැන් තොගයේ වටිනාකම රුපියල් 300,000ක් පමණ වන බවද ඒවා සීදුව කිදිගොඩ ප්‍රදේශයේ සිට කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ බවද සුරාබදු නිලධාරීහු පවසති.
ජාඇළ, ඔතේකැලේ ප්‍රදේශයේ සිට රැගෙන එන ලද මෙම මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගැනීමට එරෙහිව ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරුණු බවද සුරාබදු ඒකකයේ ස්ථානාධිපති පී. ඒ. හේමන්ත මහතා පැවසීය.
සැකකරුවන් දෙදෙනා මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිවිරෝධී මත්පැන් බෝතල් 600ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට