(එම්. කේ. නන්දසේන)
යාල ජාතික වනෝද්‍යානයේ පොත්තන කලපුවේ කකුළුවන් අල්ලමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු වරද පිළිගත් එක්අයෙකුට රුපියල් 35,000 බැගින් දඩ මුදලක් ගෙවීමට දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් කාංචනමාලි සුසන්තා ගුණසේකර මහත්මිය නියෝග කළාය.
මෙසේ දඩ මුදල් නියමවූයේ උතුරු පානම අබේසිංහපුර පදිංචි හන්දිරන් දිසානායක සහ එම හීංනිලමේ ෂෙල්ටන් නැමති දෙදෙනාටය.
ඔවුන් අල්ලාගත් කකුළුවන් කලපුවට මුදා හරින ලෙසත්, ඊට යොදාගත් යාන්ත්‍රික බෝට්ටුව සහ ඔරුව රාජසන්තක කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
යාල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාර නිලධාරී, පළටුපාන කාර්යාලයේ නිලධාරීන් හා බැඹව වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම කර ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
යාල වනෝද්‍යානයේ කකුළුවන් ඇල්ලූ දෙදෙනෙකුට 70,000ක දඩ