(එම්. කේ. නන්දසේන)
යාල ජාතික වනෝද්‍යානයේ පොත්තන කලපුවේ කකුළුවන් අල්ලමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු වරද පිළිගත් එක්අයෙකුට රුපියල් 35,000 බැගින් දඩ මුදලක් ගෙවීමට දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් කාංචනමාලි සුසන්තා ගුණසේකර මහත්මිය නියෝග කළාය.
මෙසේ දඩ මුදල් නියමවූයේ උතුරු පානම අබේසිංහපුර පදිංචි හන්දිරන් දිසානායක සහ එම හීංනිලමේ ෂෙල්ටන් නැමති දෙදෙනාටය.
ඔවුන් අල්ලාගත් කකුළුවන් කලපුවට මුදා හරින ලෙසත්, ඊට යොදාගත් යාන්ත්‍රික බෝට්ටුව සහ ඔරුව රාජසන්තක කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
යාල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාර නිලධාරී, පළටුපාන කාර්යාලයේ නිලධාරීන් හා බැඹව වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd