(බිඟුන් මේනක ගමගේ)
රාගම ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය(ETU) පෙර පරිදි පැය 24 සේවාවක් කිරීමට අවශ්‍ය වෛද්‍යවරුන් වහා ලබාදීම ඇතුලු ඉල්ලීම් හතරක් සඳහන් කරමින් නිදහස් සෞඛ්‍යය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය අත්සන් කළ පෙත්සමක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබා දී ඇත.
හදිසි ප්‍රතිකාර ඒකකය අත්‍යාවශ්‍ය ඉඩකඩ හා ප්‍රවේශ පහසුකම් ඇති ස්ථානයක ස්ථාපිත කිරීම, තට්ටු අටක නව ගොඩනැගිල්ල ඉදි කිරිමේදී සිදුවී ඇති අක්‍රමිකතා පිලිබඳව කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීම හා කාර්යක්ෂම රෝගී සත්කාරයක් සඳහා අත්‍යාවශ්‍ය අවම යටිතල පහසුකම් ඇති කිරීම සඳහා එම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය සෙසු ඉල්ලීම් බව එහි කැඳවුම්කරු වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය , හෙද , කනිෂ්ඨ කාර්ය මණ්ඩල හා අනෙකුත් සියලු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ අස්සන් සහිත වන සේ මෙම පෙස්සම සකස් කළ බව ද වෛද්‍ය ප්‍රනාන්දු මහතා කීය.
පෙත්සමෙහි පිටපත් සෞඛ්‍යය අමාත්‍යවරයාට, සෞඛ්‍යය අමාත්‍යංශයේ ලේකම්වරයාට, නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් - විමර්ශන, ජනාධිපති ලේකම්, අධ්‍යක්ෂක - රාගම ශික්ෂණ රෝහල වෙත ද යොමුකරනු ලැබූ බව ද වෛද්‍ය ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාගම හදිසි ප්‍රතිකාර ඒකකය ගැන පෙත්සමක්