(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය, සිංගල්ට්‍රී ප්‍රදේශයේ මහා පරිමාණයේ ඉඩම් මංකොල්ලයක් සිදු වෙමින් පවතින බව පවසමින් ඊට එරෙහිව භික්ෂුන් වහන්සේලා ඇතුළු නුවරඑළියේ ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් පිරිසක් අද (27) නුවරඑළිය නගරයේ දී උද්ඝෝෂණයක නිරතවුහ.
සිංගල්ට්‍රී කඳු පන්තියේ ස්වර්ණගිරි විහාරස්ථානය ආසන්නයේ පිහිටි අක්කර පහකින් සමන්විත වන රක්ෂිත ඉඩමක් පිටස්තර පුද්ගලයකුට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව මගින් වංචනික ලෙස විකුණා ඇති බවයි.
භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ විශාල පිරිසක් නුවරඑළිය නව නගර ශාලාව ආසන්නයේ සිට බැනර්, පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පෙළ පාළියකින් නුවරඑළිය නගරයට පැමිණ ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිටදී ඔවුහු උද්ඝෝෂණයේ නිරත වුහ.
නුවරඑළියේ පිහිටි වන රක්ෂිත ඉඩම් විකුණා දමා නුවරඑළියේ ජල සම්පත විනාශ කිරීමේ මෙම වැඩපිළිවෙළ නවතා දමන තුරු මෙම අරගලය දිගින් දිගටම සිදු කරන බවත් උද්ඝෝෂණයේ නිරත පිරිස් කීය.


2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුවරඑළියේ ඉඩම් මංකොල්ලයට එරෙහිව උද්ඝෝෂණයක්