(පාලිත ආරියවංශ)
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බදුල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන 54 ක ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කළ අතර මහජන සෞඛ්‍යයට අහිතකර ලෙස ආහාර ද්‍රව්‍ය විකිණීමට තබා තිබූ වෙළදසැල් 13 කට විරුද්ධව නඩු පැවරීමට පියවර ගෙන තිබේ.
භාවිතයට ගත නොහැකි ධාන්‍ය වර්ග, නරක් වූ අල, ළූණු, කරවල හා හාල් මැස්සන් යනාදිය අලෙවියට තැබීම මෙන්ම , කල් ඉකුත් වූ හා ලේබල් නොමැති ඇසුරුම් සහිත ආහාර අලෙවියට තබාතිබීම යන කරුණු යටතේ මෙම ආහාර ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන විනාශ කිරීමට කටයුතු කළ බවද බදුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශය පවසයි.
කෙසේ නමුත් සෞඛ්‍යට හිතකර ලෙස පවත්වාගෙන යන ඇතැම් හෝටල් හා ව්‍යාපාරික ස්ථාන රැසක් නිරීක්ෂණය වූ බවද ඔවුන් ඇගැයීමට ලක් කළ බවද නිලධාරීහු පවසති.
බදුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ මෙහෙයවීමෙන් කළ මෙම සෝදිසියට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 12 දෙනෙක් සහභාගී වූහ.
ඉදරි දිනවලදීත් මෙම සෝදිසි කිරීම් සිදුකරන බව බදුල්ල මහනගර සභාව පවසයි.

2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපිරිසිදු ආහාර තිබූ අලෙවිසැල් 13 කට නඩු