වියළි කහ කිලෝ 370ක් කල්පිටියෙන් අල්ලයි ඉන්දියාවේ සිට මුහුදු මගින් ඩිංගි යාත්‍රාවකින් මෙරටට රැගෙනවිත් තිබූ වියළි කහ කිලෝ 370 ක් සම්බුද්ධ සැකකරුවෙකු කල්පිටිය කිලිතීව් දූපතේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි . 17 August 2021
මධ්‍යම පළාතෙන් ආසාදිතයන් 490ක් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනෙන් ඉකුත් පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 490 දෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි. 17 August 2021
කෑගල්ලේ කඩ සාප්පු දින 14කට වසා දමයි කෑගල්ල නගරය සහ තදාසන්න ප්‍රදේශවල කොවිඩි ආසාදිත රෝගීන් බහුලව වාර්තා වීමත් සමග කෑගල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන 18 දා සිට 31 දක්වා දින 14ක කාලයක් වසා දැමිමට තීරණය කර ඇති බව සීමාසහිත කෑගලු සිංහල වෙළඳ සංගමයේ සභාපති ඩී.එම්. ආනන්ද දසනායක මහතා පවසයි. 17 August 2021
බඹරු ඇනීමෙන් වතු කම්කරුවෝ අටක් රෝහලට තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට (16) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් අට දෙනෙකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කල බව හැටන් පොලිසිය පවසයි. 16 August 2021
පිළියන්දල එස්.ඕ.එස්. ගම්මානයේ දරුවන් 50ක් ඇතුළු 91කට කොරෝනා පිලියන්දල එස්.ඕ.එස් ළමා ගම්මානයේ දරුවන් 50 දෙනකු ඇතුළු 91කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ජ්‍යෙෂ්ඨ ප්රකාශිකාවක් පැවසුවාය. 16 August 2021
වතුපිටිවල රෝහලේ කොරෝනා අතරමැදි ප්‍රතිකාර ඒකකය විවෘත කරයි කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවලට සහය වෙමින් නාවික හමුදා දායකත්වයෙන් ගම්පහ, වතුපිටිවල මූලික රෝහල් පරිශ්‍රයේ ඉදිකළ කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර ඒකකය අද (16) විවෘත කළේය. 16 August 2021
පානදුර රෝහලෙන් කොරෝනා රෝගියෙක් පනී කොවීඩ් 19 වෛරසය ආසාදනයවී පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී රෝගියෙකු ඊයේ (15) පස්වරුවේ පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 16 August 2021
බණ්ඩාරවෙළ නගරයේ කඩ සාප්පුත් වහයි අධික ලෙස පැතිර යන කොරෝනා වසංගතය පාලනයට සෞඛ්‍ය අංශවලට සහාය වීම සඳහා අගෝස්තු 1 7 දින සිට 22 දින දක්වා දින හයක කාලයක් බණ්ඩාරවෙල නගරයේ සියලුම කඩසාප්පු ඇතුළු ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට එක්සත් ව්‍යාපාරික සංසදයේ රැස්වීමේදී තීරණය කළ බව එහි සභාපති උපාලි ඒකනායක මහතා පවසයි. 16 August 2021
කළුතර බන්ධනාගාරයට තහනම් භාණ්ඩ උඩින් එයි කළුතර බන්ධනාගාරය තුළට ඉහලින් විසි කළ පාර්සල් දෙකක තිබී ජංගම දුරකථන 8 ක් , හෙරොයින් මත්කුඩු , දුම්කොළ සොයාගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි 15 August 2021
වැල්ලවත්ත වෙරළට සායනික අපද්‍රව්‍ය ගොඩ ගසයි වැල්ලවත්ත මුහුදු වෙරළට සායනික අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබු බව වෙරළට පැමිණි ජනතාව පවසති. 15 August 2021
එක් දිනකදී බණ්ඩාරගමින් ආසාදිතයන් 350ක් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 350 දෙනකු වාර්තා වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂඛ කාර්යාලය කියයි. 15 August 2021
මීරිගම ප්‍රා. මන්ත්‍රී තිදෙනකුට කොරෝනා මීරිගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීන් තිදෙනකු කොරෝනා ආසාධිත වීම හේතුවෙන් එම අයගේ ආශ්‍රිතයන් සදහා ජෛව සාම්පල පරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 15 August 2021
කළුගල කඩනවාට පන්නල විරෝධතා පන්නල මැල්ලවලාන ග්‍රාමයෙහි රජයට අයත් සේදවත්ත ඉඩමෙහි අක්කර 20 පමණ භූමියක විහිදී පැතිරෙන කඵගලක් කැඞීමට එරෙහිව පන්නල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසීහු කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ මාහොලව මන්සන්ධියේදී නිහඬ විරෝධතාවයක නිරතවූහ. 13 August 2021
ආණමඩුවේ පොලිස් සැරයන් හිටිහැටියේ මරුට ආණමඩුව පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 12 August 2021
වැල්ලවායේ සියලු සතිපොල තාවකාලිකව වහයි පවතින කොවිඩ් අවදානම හේතුවෙන් වැල්ලවාය ප්‍රාදේශි සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සියලු සතිපොලවල් නැවත දැනුම්දෙනතුරු නොපැවැත්වීමට වැල්ලවාය ප්‍රාදේශිය සබාව තිරණය කල බව ප්‍රාදේශිය සභාවේ සභාපති ආර් ඩි හරමානිස් මහතා පැවසීය. 12 August 2021
කටගස්දිගිලිය ප්‍රාදේශිය සභාව තාවකාලිකව වහයි ප්‍රාදේශීය සභාවේ කොවිඩ් ආසාදිතයෙක් හමු වීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව වසා දැමීමට කටයුතු කළ බව කහටගස්දිගිලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවැසීය. 12 August 2021
විදුලිසැර වැදී දෙදරුපියා මරුට ඇතිමලේ කොටියාගල ප්‍රදේශයේ නිවසක වඩුවැඩ කරමින් සිටි කාර්මිකයෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි පොලීසිය පවසයි. 12 August 2021
ලක්ෂ 16 ක සොරකමට ව්‍යාපාරිකයකු ඇතුළු 3 ක් අල්ලයි කොල්ලුපිටිය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාලය හා සංචාරක සංවර්ධන අධිකාරියේ කාර්යාලවලින් රුපියල් 16 ලක්ෂ 64,900ක පරිගණක ටෝනර් හා ලිපිද්‍රව්‍ය සොරාගත් එම කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයන් දෙදෙනකු සහ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය 12 August 2021
ගම්පහ රෝහල්වලට උපකරණ ගන්න මන්ත්‍රි ප්‍රතිපාදනවලින් ලක්ෂ 10 කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙහි රෝහල්වලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රතිපාදනවලින් එක් මන්ත්‍රීවරයකු රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට තීරණය කර ඇත. 11 August 2021
කොස්ලන්දේ රක්ෂිතයක ගින්නකින් අක්කර 6 ක් විනාශයි කොස්ලන්ද ගම්පහ ඕක්ෆීල්ඩ් කොටසේ රජයේ කරපන්ටයින් වගා රක්ෂිතයක ඇතිවූ ගින්නකින් අක්කර හයක පමණ ප්‍රදේශයක් විනාශ වූ බව කොස්ලන්ද පොලීසිය කියයි. 11 August 2021
වල්ලමක් පෙරැලී ධීවරයෙක් මරුට දොඩන්දූව ධීවර වරායෙන් මුහුදු ගිය වල්ලමක් පෙරැලී ධීවරයෙක් මරුමුවට පත්වී තවත් ධීවරයින් දෙදෙනෙකු ජීවිත නාවික හමුදාවෙන් බෙරාගත් බව රත්ගම පොලීසිය කියයි. 11 August 2021
රත්නපුර ආදාහනාගාර දෙක තාවකාලිකව වහයි අලුත්වැඩියා කටයුතු සඳහා රත්නපුර මහ නගර සභාවේ ආදාහනාගාර දෙකේ මෘත ශරීර දැවීම දින කිහිපයකට අත්හිටවු බව රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා පැවසීය. 11 August 2021
බෑණාගේ පිහි පහරින් මාමා මරුට පානදුර,පින්වත්ත ප්‍රදේශයේ දී මාමණ්ඩියක සහ බෑණා අතර ඇති වූ ගැටුමකින් අතරතුර තියුණු ආයුධයකින් පහර කෑ මාමා මියගොස් ඇතැයි පොලිසිය කියයි. 11 August 2021
කොරෝනා රෝගියෙක් කරාපිටියෙන් පනී කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියකු රෝහලෙන් පැන ගොස් ඇතැයි රෝහල් පොලිසිය පවසයි. 10 August 2021
පොලොන්නරුවේ වී අලෙවි මණ්ඩලයට හුලං පොලොන්නරුවේ ගොවීන් මණ්ඩලයට වී අලෙවි නොකරන බව වී අලෙවි මණ්ඩලය කියයි. 10 August 2021
හොරෙන් ගෙනා යතුරුපැදි අඩු මිලට අලෙවි කළ තිදෙනෙක් මාට්ටු දිවයින පුරා විවිධ පුද්ගලයින් විසින් සොරකම් කරන ලද යතුරු පැදි ඉතා අඩු මුදලකට මිලදී ගෙන එහි චැසි අංක හා එන්ජින් අංක වෙනස් කර වෙනත් අයට විකිණීමේ ජාවාරමක නිරත වු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 10 August 2021
රත්නපුර රෝහල තවත් පුළුල් කරයි කෝවිඞ් රෝගීන් වැඩි දෙනකුට එකවර ප්‍රතිකාර කළ හැකි ලංකාවේ මෙතෙක් ඇති විශාලම දැඩි සහ අධි සත්කාර ඒකකය (ICU සහ HCU) රත්නපුර ශීක්ෂණ මහ රෝහලේ ස්ථාපිත කළ බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගෝ මහතා පවසයි. 10 August 2021
වල්අලි ප්‍රහාරයෙන් ගොවියෙක් මරුට කොටවෙහෙර, ගල්කඩවල ප්‍රදේශයේදී වල් අලියෙකු පහර දීමෙන් සිවු දරු පියෙකු අද (10) පෙරවරුවේ මරණයට පත්ව ඇති අතර මෙය දින හතරක් තුල සිදු වූ දෙවන මරණය බව කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පොලීසිය පවසයි. 10 August 2021
රන්පැහැ ගැන්වූ ලෝහ විකිණිමට ගිය 4ක් පොලිස් දැලේ නිධානයකින් හමුවූ රන් කැබැලි බව පවසා රන් පැහැ ගැන්වූ ලෝහ කැබැලි (මරංචි ) 795 ක් කොළඹ ප්‍රදේශයේ ධනවතෙකුට රුපියල් ලක්ෂ 15 කට විකිණිමට ගිය ජාවාරම්කරුවන් සිව් දෙනෙකු අනුරාධපුර - මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ පරසන්ගස්වැව හන්දියේදී අත්අඩංගුවට ගත් බව පරසන්ගස්වැව පොලිසිය පවසයි. 09 August 2021
ඝාතනය කළ පුද්ගලයකුගේ සිරුරක් වෙල් යායක පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කරන ලදැයි සැක සිතිය හැකි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (9) අලුයම් කාලයේදී පිටිගල කරව්ව වෙල් යායේ දමා තිබියදී සොයාගත් බව පිටිගල පොලීසිය කියයි. 09 August 2021
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026