( එස්.ජී.උබේපාල)
ප්‍රාදේශීය සභාවේ කොවිඩ් ආසාදිතයෙක් හමු වීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව වසා දැමීමට කටයුතු කළ බව කහටගස්දිගිලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවැසීය.
කහටගස්දිගිලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් සිදු කළ අහඹු පී.සී.ආර් පරික්ෂණයකින් අනතුරුව එහි සේවය කළ සේවිකාවක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇත.
ඒ අනුව කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවේ සේවකයින් 70 ක් සහ සභාපති වරයා ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇත.
ප්‍රාදේශීය සභාව මගින් සිදු කෙරෙණ අත්‍ය අවශ්‍ය සේවා කටයුතු අඛණ්ඩව සිදු කෙරිමින් පවතින බව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අප මේ පිළිබ ද කළ විමසීමේදී ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd