IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


වතුපිටිවල රෝහලේ කොරෝනා අතරමැදි ප්‍රතිකාර ඒකකය විවෘත කරයි

(යොහාන් භාසුර)

කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවලට සහය වෙමින් නාවික හමුදා දායකත්වයෙන් ගම්පහ, වතුපිටිවල මූලික රෝහල් පරිශ්‍රයේ ඉදිකළ කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර ඒකකය අද (16) විවෘත කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය කළ ඉල්ලීමකට වහාම ප්‍රතිචාර දක්වමින්, නාවික හමුදාධිපති වයිස් අද්මීරාල් නිශාන්ත උළුගේතැන්නගේ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම විශේෂ ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරිම් කටයුතු නාවික හමුදා තාක්ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ දෙස් විදෙස් ශ්‍රි ලාංකියන්ගේ පරිත්‍යාගශිලින්ගේ අනුග්‍රහයෙන් මෙම ප්‍රතිකාර ඒකකය ඉදිකළේය.

මෙම ඒකකය කොවිඩ් 19 ආසාදිත විශේෂ ප්‍රතිකාර අවශ්‍ය රෝගින් 20 දෙනෙකුට එකවර ප්‍රතිකාර ලබාදීමේ පහසුකම් සහිත ඇඳන් 20 කින් සමන්විත වේ.

විවෘත කිරීමේ අවස්ථාවට නාවික හමුදාධිපති නියෝජනය කරමින් බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සුරේෂ් ද සිල්වා, ගම්පහ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න, වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි, මොහොමඩ් ඊබ්රහිම් සීරාජ් යන මහත්වරු ඇතු`ඵ පිරිසක් සහභාගි වූහ.



අදහස් (0)

වතුපිටිවල රෝහලේ කොරෝනා අතරමැදි ප්‍රතිකාර ඒකකය විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 576 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site