(අජිත්ලාල් ශාන්තඋදය සහ කපිල කුමාර)
කෝවිඞ් රෝගීන් වැඩි දෙනකුට එකවර ප‍්‍රතිකාර කළ හැකි ලංකාවේ මෙතෙක් ඇති විශාලම දැඩි සහ අධි සත්කාර ඒකකය (ICU සහ HCU) රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ ස්ථාපිත කළ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගෝ මහතා පවසයි.
අඩුපීඩන තත්ත්වයන් යටතේ මෙහි ප‍්‍රතිකාර කටයුතු කළ හැකි බව කී රෝහල් අධ්‍යක්‍ෂවරයා රත්නපුර මහ රෝහලේ කලින් තිබුන පිළිකා වාට්ටුවේ මෙම දැඩි සත්කාර ඒකකය පිහිටවූ ද කීවේය. එය ඇඳන් 16කින් යුක්තය. ඉන් හයක් දැඩි සත්කාර ඇඳන්වන අතර දහයක් අධි සත්කාර අවශ්‍ය රෝගීන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති බව ද රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසුවේය.
සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් මත මෙම ඒකකය ඇරඹූ බව කී රෝහල් අධ්‍යක්‍ෂවරයා රජය ඊට රුපියල් මිලියන විසිපහක් වැයකර ඇති බව ද කීවේය. දෙස් විදෙස් පිරිස් උපකරණ පරිත්‍යාග කළ බව ද රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රත්නපුර රෝහල තවත් පුළුල් කරයි