
(අතුල බණ්ඩාර)
නිධානයකින් හමුවූ රන් කැබැලි බව පවසා රන් පැහැ ගැන්වූ ලෝහ කැබැලි (මරංචි ) 795 ක් කොළඹ ප්‍රදේශයේ ධනවතෙකුට රුපියල් ලක්ෂ 15 කට විකිණිමට ගිය ජාවාරම්කරුවන් සිව් දෙනෙකු අනුරාධපුර - මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ පරසන්ගස්වැව හන්දියේදී අත්අඩංගුවට ගත් බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.
පරසන්ගස්වැව පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත , එම පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පි.අයි.හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් පරසන්ගස්වැව හන්දියේ රැක සිට යතුරුපැදි දෙකකින් ගමන් කරමින් සිටියදී, මේ සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔවුන් ළඟ තිබී ග්‍රෑම් 700 ක් බර රන් පැහැ ගැන්වූ ලෝහ කැබැලි පාර්සලය හමුවී තිබිණි.
අත්අඩංගුවට ගත් මේ සැකකරුවන් සිව් දෙනා අවුරුදු 21 ත් 40 ත් අතර වයසේ පසුවන අනුරාධපුර කවරක්කුලම හා නෙලුම්කුලමේ පදිංචිකරුවෝ වෙති.
ඒ අතර, නමගිය මරංචි ජාවාරම්කරුවෙකු වන "මරංචි සුද්දා "යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ද පුද්ගලයාද සිටින බව පොලිසිය කියයි.
ඔහු මිට පෙරද මරංචි ජාවාරමේ යෙදී පොලිසියට හසුවී අධිකරණයෙන් දඬුවම් ලැබුවෙකු බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත මේ සැකකරුවන් සිව් දෙනා අද (09) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd