(අතුල බණ්ඩාර)
නිධානයකින් හමුවූ රන් කැබැලි බව පවසා රන් පැහැ ගැන්වූ ලෝහ කැබැලි (මරංචි ) 795 ක් කොළඹ ප්‍රදේශයේ ධනවතෙකුට රුපියල් ලක්ෂ 15 කට විකිණිමට ගිය ජාවාරම්කරුවන් සිව් දෙනෙකු අනුරාධපුර - මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ පරසන්ගස්වැව හන්දියේදී අත්අඩංගුවට ගත් බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.
පරසන්ගස්වැව පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත , එම පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පි.අයි.හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් පරසන්ගස්වැව හන්දියේ රැක සිට යතුරුපැදි දෙකකින් ගමන් කරමින් සිටියදී, මේ සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔවුන් ළඟ තිබී ග්‍රෑම් 700 ක් බර රන් පැහැ ගැන්වූ ලෝහ කැබැලි පාර්සලය හමුවී තිබිණි.
අත්අඩංගුවට ගත් මේ සැකකරුවන් සිව් දෙනා අවුරුදු 21 ත් 40 ත් අතර වයසේ පසුවන අනුරාධපුර කවරක්කුලම හා නෙලුම්කුලමේ පදිංචිකරුවෝ වෙති.
ඒ අතර, නමගිය මරංචි ජාවාරම්කරුවෙකු වන "මරංචි සුද්දා "යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ද පුද්ගලයාද සිටින බව පොලිසිය කියයි.
ඔහු මිට පෙරද මරංචි ජාවාරමේ යෙදී පොලිසියට හසුවී අධිකරණයෙන් දඬුවම් ලැබුවෙකු බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත මේ සැකකරුවන් සිව් දෙනා අද (09) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රන්පැහැ ගැන්වූ ලෝහ විකිණිමට ගිය 4ක් පොලිස් දැලේ