(සුමිත් ප්‍රේමතිලක)
කොවීඩ් 19 වෛරසය ආසාදනයවී පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී රෝගියෙකු ඊයේ (15) පස්වරුවේ පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙසේ පැනගොස් ඇත්තේ වාද්දුව, පොතුපිටිය, දෙල්ගස් හන්දිය ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි තරුණයෙක් බව පැවසේ.
එදින උදෑසන රෝහලට ඇතුළත්ව ඇති ආසාදිතයා, පානදුර මූලික රෝහලේ 4 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ," මිස් මෙතන ඉන්න බෑ මම ගෙදර යනවා" යනුවෙන් හෙදියකට පවසා රෝහලෙන් පැනගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය .
පැනගොස් ඇති ආසාදිතයා සොයා පොලිසිය සහ බුද්ධි අංශ පරීක්ෂණ පවත්වති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd