
(එම්.සුසිල් ප්‍රියන්ත සහ ඩී.ජේ.විජේසිංහ)
පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කරන ලදැයි සැක සිතිය හැකි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (9) අලුයම් කාලයේදී පිටිගල කරව්ව වෙල් යායේ දමා තිබියදී සොයාගත් බව පිටිගල පොලීසිය කියයි.
මෙසේ සොයා ගනු ලැබූවේ පිටිගල මන්නගොඩ පදිංචි නිහාල් අතුකෝරළ නමැති පනස්හත් හැවිරිදි තිදරු පියෙක් බව පොලීසිය සඳහන් කරයි.
මිය ගිය තැනැත්තා ඊයේ (8) රාත්‍රියේ නිවසින් පිටව ගොස් ඇති බවත් ඔහු මත්පැන් පානය කරමින් සිටින අවස්ථාවේදී ඇතිවූ කතාවක් දුර දිග යාමෙන් පසු ඔහුට පිරිසක් පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කොට මේ වෙල් යායේ දමා යන්නට ඇති බවට සැකකරන බවද පොලීසිය කියයි.
මිය ගිය අය රාත්‍රී නිවසට නොපැමිණීම පිළිබදව සොයා බැලීමේදී ඔහුගේ සිරුර කරව්ව වෙල් යායේ තිබියදී හමුවී ඇති බවත් ඒ පිළිබදව තමන්ට දැන්වීමෙන් පසු ඔහුගේ සිරුර සොයා ගත් බවත් පොලීසිය කියයි.
වෙල් යායේ තිබියදී සොයා ගැණුනු මේ පුද්ගලයාගේ සිරුරේ පොලු මුගුරුවලින් පහරදුන්නේ යයි සිතිය හැකි තුවාල ද දක්නට ලැබෙන බවත් පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (9) පැවැත්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
576
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඝාතනය කළ පුද්ගලයකුගේ සිරුරක් වෙල් යායක