
(එච් චන්දන )
දිවයින පුරා විවිධ පුද්ගලයින් විසින් සොරකම් කරන ලද යතුරු පැදි ඉතා අඩු මුදලකට මිලදී ගෙන එහි චැසි අංක හා එන්ජින් අංක වෙනස් කර වෙනත් අයට විකිණීමේ ජාවාරමක නිරත වු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පුත්තලම පොලීසියේ අපරාධ අංශයේ නිළධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව දින ගණනාවක් සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව චැසි අංක එන්ජින් අංක වෙනස් කර ඉපැරණි විනාශ වූ යතුරු පැදිවල පොත් පත් වලට එක්කර හා ව්‍යාජ පොත් පත් සකසා අලෙවි කරන ලද යතුරු පැදි 13 ක් හා ත්‍රී විල් රථයක් සමඟ ඒ සිද්ධියට අදාල ප්‍රධාන සැකකරු හා තවත් පුද්ගලයින් දෙනෙක් දැනට අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශණවලදී තවත් යතුරු පැදි හා සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසය පැවසීය.
සිද්ධියට සම්බන්ධ අත් අඩංගුවට ගත් පුත්තලම නගරයේ පදිංචි ප්‍රධාන සැකරු පොලීසයට පවසා ඇත්තේ විවිධ මාර්ග ඔස්සේ දිවයිනේ විවිධ ස්ථානවල සොරකම් කරන ලද යතුරු පැදි ඉතා අඩු මුදල රැගෙන ඇවිත් අනෙත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධ කර ගෙන එම යතුරු පැදිවල චැසි අංක එංජන් අංක වෙනස් කර ඉපැරණි විනාශ වූ යතුරු පැදිවල පොත් පත් වලට අංක යොදා පොත් පත් ව්‍යාජ ලෙස සකසා ගැණුම් කරුවන්ට කිසිදු සැකයක් නොවන පරිදිත් , සමහර යතුරු පැදි පොත් පත් නොමැතිව ලක්ෂ ගණණකට අලෙවි කර ඇති ඇති බවයි.


2025 නොවැම්බර් මස 04
576
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොරෙන් ගෙනා යතුරුපැදි අඩු මිලට අලෙවි කළ තිදෙනෙක් මාට්ටු