නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වසා දමයි කෝවිඩ් වයිරසය ආසාධනය වු නිලධාරින් සිය කාර්යාලයෙන් වාර්තා වීමත් සමග නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වසා දැමීමට පියවර ගත් බව ප්‍රාදේශිය ලේකම් චින්තක ඉලංග සිංහ මහතා පවසයි. 01 August 2021
පිම්මේ ගිය ත්‍රිරෝද රිය ටිපරයේ ගැටේ ත්‍රිරෝද රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් වු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත රියදුරා සහ මගියකු තුවාල ලබා කොටගල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරුවන් දෙදෙනා නුවරඑලිය මහ රෝහල වෙල මාරු කර යැවු බව දිඹුල පොලිසිය පවසයි. 01 August 2021
හයි ෆ්ලෝ නේසල් ඔක්සිජන් යන්ත්‍ර දෙකක් කලවාන රෝහලට ලක්ෂ 26 ක් වටිනා හයි ෆ්ලෝ නේසල් ඔක්සිජන් ( HFNO) යන්ත්‍ර දෙකක් කලවාන මූලික රෝහල වෙත පරිත්‍යාග කලවාන අපේ එකමුතුව විසින් සිදු කරනු ලැබීය . 31 July 2021
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 865ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (31) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 865 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 31 July 2021
බණ්ඩාරවෙළත් ගුරුවරු පාරට බසිති ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට වහාම විසඳුම් ලබා දෙන ලෙසත් කොතලාවල පනත හකුළා ගන්නා ලෙසත් රජයට බල කරමින් අද දින උදෑසන බණ්ඩාරවෙල කලාපයේ ගුරු විදුහල්පතිවරු බණ්ඩාරවෙල නගර මධ්‍යයේ දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. 30 July 2021
පොල්පිතිගම ගොවීහු රසායනික පොහොරවලට එරෙහිව විරෝධතාවක රසායණික පොහොර භාවිතයට විරෝධය දක්වමින් කාබණික පොහොර ඉල්ලා පොල්පිතිගම නගර මධ්‍යයේ අද උද්ෂෝෂණයක් පැවැත්විණි. 30 July 2021
ගිරිඋල්ලේ ගුරුවරු පාරට බසිති ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඇතුඵ ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති වෘත්තීය එකමුතුව සංවිධානය කළ විරෝධතාවයක් ගිරිඋල්ල බස්නැවතුම්පොල ඉදිරිපිටදී අද පැවැත්විණි. 30 July 2021
දිවුලපිටියට ප්‍රා.සභාවට එජාපයෙන් නව මන්ත්‍රී 5ක් එක්සත් ජාතික පක්ෂය මගින් දිවුලපිටිය ප්‍රාදේශීය සභාවට නව මන්ත්‍රීවරුන් පස්දෙනෙකු පත් කරනු ලැබ ඇත. 30 July 2021
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 868ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (30) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 868 දෙනෙකු හමුව ඇති බවත් මින් 90 දෙනෙකු බැගින් වන වැඩිම පිරිසක් බියගම සහ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 30 July 2021
අන්තරේ කිරිබත්ගොඩදී උද්ඝෝෂණයක නිදහස් අධ්‍යාපනය වනසන, අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල පනතට එරෙහිව පෙරට එන්න යන තේමාව මුල් කරගනිමින් අන්තර් විශ්ව විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය එක්කෝ සංවිධානය කළ විරෝධතාවක් කිරිබත්ගොඩ නගරයේදී අද පැවැත්විණි. 29 July 2021
මෙහෙකාර දැරියගේ මරණයට විරෝධය පා අදත් උද්ඝෝෂණ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදි පිළිස්සුම් තුවාල ලබා මියගිය බාල වයස්කාර දැරියගේ මරණයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ආගරපතන වතු රැසක වතු කම්කරුවෝ අද විරෝධතාවක නිරත වූහ. 29 July 2021
තහනම් දැල් තොගයක් කල්පිටියෙන් අල්ලයි කල්පිටි කළපුවේ කාක දූපත ආසන්න කන්දකුඩා ප්‍රදේශයේ එළා තිබු, ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුතු, කූඩු දැල් නම් නීති විරෝධී දැල් කට්ටල 150 ක් අද පෙරවරුවේ සිදු කළ මෙහෙයුමේ දී අත් අඩංගුවට ගත් බව පුත්තලම ධීවර කාර්යාලය කියයි. 29 July 2021
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 735ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (29) උදෑසන වනවිට පැය 24 ක් තුළ කොරෝනා ආසාදිතයින් 735 දෙනෙකු හමුව ඇති බවත් මේ අනුව යළිත් පැතිරීමේ වැඩිවීමක් පවතින බැවින් ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා දැනුම්දීමක් කර සිටී. 29 July 2021
මෝටර් රථය පිනුමක් ගහයි හල්දුම්මුල්ල වල්හපුතැන්න ප්‍රදේශයේදී අද සවස මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන නිවසක් ඉදිරිපිටට පෙරළීමෙන් එහි ගමන් ගත් තිදෙනකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ පසුවූ ඉන් දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට මාරු කළ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. 28 July 2021
උතුරු මැද ගුරු මාරුවලට එරෙහිව පෙත්සම යළි සලකා බලයි උතුරු මැද පළාත තුළ නීති විරෝධීව සිදු කෙරෙන විදුහල්පති පත්වීම් සහ ගුරු ස්ථාන මාරුවීම් වළක්වාලමින් උතුරු මැද අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය මහාධිකරණයට ඉදිරිපත් කල පෙත්සමක් යළි සලකා බැලූ උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා මෙම චෝදනාවන්ට අදාලව විරෝධතා ඇත්නම් ලබන සැප්තැම්බර් මස 7 වන දින ගොනු කරන ලෙස උතුරු මැද පළාත් ආන්ඩුකාර ලේකම්වරයා ඇතුලූ වගඋත්තරකරරුවන්ට නියෝග කළේය. 28 July 2021
ගාල්ලෙ ගුරුවරු මහා පාරේ ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ගුරු හා විදුහල්පති සංගම් එක්ව සංවිධානය කරන ලද දැවැන්ත උද්ඝෝෂණයක් අද (28) ගාල්ලේ දී පැවැත්විණි. 28 July 2021
කුලියාපිටියේ ගුරු උද්ඝෝෂණයක් වැටුප් විෂමතාවය ඇතුලුව ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ ගුරුවරු පිරිසක් කුලියාපිටිය නගරයේ පෙළපාලි යමින් පැය දෙකක පමණ කාලයක් විරෝධතාවක නිරත වූහ. 28 July 2021
ගාල්ල බන්ධනගාරයට තහනම් පාර්සල් දෙකක් ගාල්ල බන්ධනගාරය තුළට විසිකළ ජංගම දුරකතන, බැටරි, දුම්කොළ සහිත තහනම් පාර්සල් දෙකක් බන්ධනාගාර නිලධාරීන් බාරයට ගෙන ඇත. 28 July 2021
දහයියා ලොරියක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි තලවකැලේ - නාවලපිටිය මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් බෝහීල් ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළී අද (27) අනතුරකට ලක්ව ඇතැයි නාවලපිටිය පොලීසිය පවසයි. 27 July 2021
අම්බලන්ගොඩ ගුරු උද්ඝෝෂණය උණුසුම් වෙයි වැටුප් විෂමතාවය ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අම්බලන්ගොඩදී නගරයේ පැවැති ගුරු උද්ඝෝෂණය අතර තුර රෝගියකු රැගෙන ගිය ගිලන් රථයකට බාධා වීමත් සමග අම්බලන්ගොඩ නගරයේ දැඩි උණුසුම් වතාවරණයක් ඇතිවිය. 26 July 2021
කුරුණෑගල වැවෙන් නාඳුනන මළ සිරුරක් කුරුණෑගල වැවේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බව කුරුණෑගල පොලීසිය පවසයි. 26 July 2021
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 566ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද (26) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 566 දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 26 July 2021
නිරෝධායනය කැඩූ 151ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 151 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 26 July 2021
බෝපත් ඇල්ල අවට වටිනා පැල 1000ක් කුරුගඟේ කුරුවිට පිහිටි බෝපත් ඇල්ල සහ ඒ අවටත්, ගඟ දිගේ වර්ණගල දක්වා ගං ඉවුරු දෙපසේත් පැල සිටුවා කුරුගඟ ආරක්ෂා කිරීමේ වැඩසටහනක් 25දා බෝපත් ඇල්ල අසලින් ආරම්භ විය. 25 July 2021
අයිස් සමග හමුදා සෙබළකු අල්ලයි යුද හමුදාවෙන් නිකුත් කරන ලද රාජකාරි හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි හමුදා සෙබළකු පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 25 July 2021
යාපනයේ නිවෙසකට පහර දෙයි යාපනය වඩුක්කොඩ්ඩෙයි අරාලි ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ කිසියම් තියුණු ආයුධ රැගත් කල්ලියකගේ පහරදීමෙන් දේපල හානි රැසක් සිදුව ඇති බවට පොලීසිය පවසයි. 25 July 2021
අලියාගේ පහර දීමෙන් ගොවියා මරුට කුඹුරට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි 70 වැනි වියේ පසු වූ ගොවි මහතෙකු හම්බන්තොට ගොන්නේරුව ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහර කෑමට ලක්ව මිය ගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි. 25 July 2021
තේ වගාවට පොහොර ඉල්ලා ඇල්පිටියේ උද්ඝෝෂණයක් තේ වගාවට අවශ්‍ය පොහෝර ඉල්ලා අද (25) දහවල් ඇල්පිටිය පොරවගම මාර්ගයේ උද්ඝෝෂණයක් හා විරෝධතා රථ වාහන පෙලපාලියක් පැවැත්විණ. 25 July 2021
හොරකමේ ගිය සොහොයුරෝ තිදෙනෙක් මාට්ටු පන්නල වගුරුවෙල සහ කුලියාපිටිය දියකලමුල්ල යන ප්‍රදේශවලින් යතුරුපැදි 02 ක් සොරකම් කළ මත්කුඩුවලට ඇබ්බැහිවූ එකම පවුලේ සොහොයුරන් තිදෙනකු ඇතුඵ තරුණයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පන්නල පොලීසිය කියයි. 25 July 2021
බීමත්ව පන්සලට කඩා පැන්න අයකු අල්ලයි පිළියන්දල අලුත් පාරේ පිහිට පිරිවෙනකට මන්නා පිහියක් ද අතැතිව කඩා වැදී කලබලකාරි ලෙස හැසිරුණු පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 25 July 2021
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026