(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (29) උදෑසන වනවිට පැය 24 ක් තුළ කොරෝනා ආසාදිතයින් 735 දෙනෙකු හමුව ඇති බවත් මේ අනුව යළිත් පැතිරීමේ වැඩිවීමක් පවතින බැවින් ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා දැනුම්දීමක් කර සිටී.
පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම බියගම කොට්ඨාසයෙන් - 92ක්, දොම්පෙ - 74 ක්, වත්තල - 71ක්, මහර - 66ක්, ජාඇල - 63 ක්, සීදූව - 55ක්, අත්තනගල්ල - 53 ක්, ගම්පහ - 52 ක්, කැලණිය - 51 ක්, දිවුලපිටිය - 40ක්, මීරිගම - 33ක්, මිනුවන්ගොඩ - 23ක්, කටාන සහ රාගම කොට්ඨාසයන්ගෙන් - 21දෙනෙකු බැගින් සහ මීගමුව කොට්ඨාසයෙන් - 20 දෙනෙකු වශයෙන් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 341 දෙනෙකු ගතවූ පැය 24 තුල ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බවත් සැක සහිත රෝගීන් 176 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් අධ්‍යක්ෂවරයා සදහන් කළේය.
එම කාලය තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 31 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 24ක් සහ බියගමින් - 7 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 14,298 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
581
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 735ක්