IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පොල්පිතිගම ගොවීහු රසායනික පොහොරවලට එරෙහිව විරෝධතාවක

(සිසිර කැලේගම)
රසායණික පොහොර භාවිතයට විරෝධය දක්වමින්  කාබණික පොහොර ඉල්ලා පොල්පිතිගම නගර මධ්‍යයේ අද  උද්ෂෝෂණයක් පැවැත්විණි.
රටේ බොහෝ ප‍්‍රදේශවල රසායණික පොහොර ඉල්ලා ගොවි ජනතාව හඩ නගන මුත් මොවුන්  කාබණික පොහොර ඉල්ලා උද්ඝෝෂණයක නියැලීම විශේෂත්වයක් විය.
මෙම අවස්ථාවට පශූ සම්පත් ගොවිපල ප‍්‍රවර්ධන කිරි හා බිත්තර ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඞී.බී. හේරත් මහතා ද එම විරෝධතාවට එක්ව සටන් පාඨ කියමින් විරෝධතාවයේ නියැඵණු අතර,  පොල්පිතිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් විජේනායක ඇතුලූ ප‍්‍රාදේශීය සභා මංත‍්‍රිවරුන්, වයඹ පලාත් සභාවේ හිටපු අමාත්‍ය නිමල් කරුණාතිලක හා ප‍්‍රදේශයේ ගොවි සංවිධානවල නියෝජිතයන් හා තරුණ තරුණියන් ද එක්ව සිටියහ.
පොල්පිතිගම ප‍්‍රාදේශිය සභාවෙන් පෙරවරුවේදී පිටත් වු පිරිස ”රසායණික පොහොර මරුවා.  මහ පොළවට වින කෙරුවා,  ජනපතිදුනි මේ අහන්න, අපේ වකුගඩු රැකලා දෙන්න ”ආදි සටන් පුවරු රැුගත් පෝස්ටර් අතැතිව පොල්පිතිගම මුලික රෝහලේ වකුගඩු රුධිර කාන්දු කරණය ඉදිරිපිටට පැමිණ  එහි නගර මධ්‍යයේ මාවතේ රැදී දේ්ශපාලකයින් හා ගොවි නියෝජතියින් මෙන්ම සංඝ රත්නය ද  රසායණික පොහොර භාවිතයෙන් වෙන හානිය පිලිබදව අදහස් දැක්වීය.

 



අදහස් (1)

පොල්පිතිගම ගොවීහු රසායනික පොහොරවලට එරෙහිව විරෝධතාවක

විජිත් Friday, 30 July 2021 11:46 PM

මේ ගෝත්‍රික බයියන්ගේ උද්ගෝශනයක්නේ. මම හිතන්නේ කිරි,බිත්තර ඇමති වෙන්න ඇති මේ බයියන්ට බෝඩ් ඇඳලා දුන්නේ. රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ගන්න අරක්කු, රෙදි කෑලි, කුඩ, අමුඩ...මේ මෝඩයින්ට දුන්නම, උන් ඕන මගුලක් කියලා කෑ ගහනවා. මේ බයියන්ගේ ආත්මයක් නැහැ...!!! එය අරක්කුවලට, රුපියල් 200 කට ...පාවාදීලා. ඔහොම යමු බයියනේ...

:       166       524

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 581 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site