මඩොල්සිම පොලිසියේ 18 කට කොරෝනා මඩොල්සිම පොලිසියේ පොලිස් නිලධාරීන් 18කට සහ පොලිසියේ කම්කරුවකුට කෝවිඩ් 19 ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (25) තහවුරු කළේය. 25 July 2021
විරෝධතා කිහිපයක් වව්නියාවේ සහ මන්නාරමේ කලු ජූලිය සිහිකරමින් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන වව්නියාවේ සහ මන්නාරමේ විරෝධතා කිහිපයක් පැවැත්විණි. 25 July 2021
නිවසකට අලාභහානි කළැයි 7 ක් අත්අඩංගුවට කොට්ටව ප්‍රදේශයේ නිවසකට පහරදි රුපියල් 95,000ක අලාභහානි කිරිමේ සිද්ධියට සම්බන්ද සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි. 25 July 2021
මෝටර් රියක ගැටී පුද්ගලයෙක් මරුට පානදුර හොරණ මාර්ගයේ එලුවිල හන්දියේ දී සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙක් මිය ගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය කියයි. 25 July 2021
වැටුප් විෂමතාවට හලාවතදී ගුරු උද්ඝෝෂණය කරති. ගුරු හා විදුහල්පතිවරුන් රැසක් තමන් මුහුණ පා සිටින ගැටළු ගණනාවකට කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් හලාවත නගර මධ්‍යයට එක් රොක්වි අද විරෝධතතාවක නිරතව සිටියහ. 24 July 2021
මත් පෙති සමග ඇඟළුම් සේවයෝ දෙදෙනෙක් පොලිස් දැලේ මත් පෙති 200 ක් සමග සැකකරුවන් දෙදෙනකු ගම්පහ නගරයේදී අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 24 July 2021
ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 544ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (24) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 544 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 24 July 2021
නවෝදාගම වැව් ඉස්මත්තේ බොරළු කැපූ 5ක් අත්අඩංගුවට විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන, නවෝදාගම රක්ෂිතයේ, නවෝදාගම වැව් ඉස්මත්තේ නිසි අවසරයකින් තොරව මහා පරිමාණයෙන් පරිසර හානියක් සිදු කරමින් බොරලු කපා ප්‍රවාහනය කළ පුද්ගලයින් 5 දෙනෙකු සමග ටිපර් රථ තුනක් හා බොරලු කැපීමට යොදා ගත් ස්කැවේටර් යන්ත්‍රයක් අනුරාධපුර අඩවි වන කාර්යාල නිළධාරීන් පොලිස් විශේෂ කාර්ය බලකායේ අනුරාධපුර උළුක්කුලම කඳවුරේ නිළධාරීන් විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබිය. 23 July 2021
ගෘහස්ථ කම්කරු සංගමයේ උද්ඝෝෂණයක් මහනුවර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මිය ගිය නුවරඑළිය ඩයගම ප්‍රදේශයේ පදිංචි හිෂාලිනී ජූඩ් දැරියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර වැරදි කරුවන් නීතිය හමුවට ගෙන එන ලෙස රජයට බල කරමින් ගෘහස්ථ කම්කරු සංගමය අද (23) මහනුවර නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වූහ. 23 July 2021
කැබ්රියේ ගැටුණු යතුරුපැදිකරු මරුට හලාවත කාක්කපල්ලිය ප්‍රදේශයේදී පොලිස් කැබ්රථයට යතුරු පැදියක් ගැටීමෙන් බරපතලතුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මරණයටපත්ව ඇතිබව හලාවත පොලීසිය පවසයි. 23 July 2021
ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 400 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ අද (23) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 60 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් එම කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 400 දෙනෙකු හමුව ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 23 July 2021
සරුංගල් යවමින් සිටි දරුවා ළිදට වැටි මරුට සිය මිතුරන් පිරිසක් සමග ගුරුගම ප්‍රදේශයේ වෙල් යායක සරුංගල් යවමින් සිටි නව හැවිරිදි පිරිමි දරුවෙකු වගා ලිදකට වැටිමෙන් මිය ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි. 23 July 2021
බොන්න වතුර ඉල්ලා හුංගම පිරිසක් විරෝධතාවක දින පහක් තිස්සේ බොන්න වතුර නැතැයි කියමින් හුංගම, දෙනිය සහ පිංගම ගම්වැසියෝ හාතගල ජල සම්පාදන මණ්ඩලයට කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නරත වූහ. 22 July 2021
සිල්ලර බඩු අස්සේ කුඩු වික්ක යුවළක් දැලේ සිල්ලර වෙළෙඳ සලක් පවත්වාගෙන යන මුවාවෙන් තරුණයන්ට අයිස් සහ මනෝවර්ධන කරල් විකුණු බව කියන අඹුසැමි යුවළක් අයිස් මිලි ග්‍රෑම් 40 සහ මත් කරල් 50 සමග අත්අඩංගුවට ගත්බව මොරටුමුල්ල පොලිසිය කියයි. 22 July 2021
නැගෙනහිර ඉංග්‍රීසි ගුරු විභාගය අවලංගු කරයි නැගෙනහිර පාළාත් පාසල් සදහා ඉංග්‍රිසි ගුරුවරුන් බදවා ගැනිමට උසස් අධ්‍යාපන ඩිප්ලෝමාධාරින් වෙනුවෙන් පැවැත්වු තරග විභාග අවලංගු කළ නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඒ සඳහා යළි විභාගයක් පවත්වන්නැයි පලාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවට නියෝග කළේය. 22 July 2021
විදුලි උපකරණ හොරා පොලිසියට කොටුවෙයි කඩ සාප්පුවල අගුලු කඩා ඇතුලුවී ගෘහ විදුලි උපකරන හා ටයර් සොරාගෙන අළෙවිකරන සංවිධානාත්මක කල්ලියක් රුපියල් ලක්ෂ 10කට වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩද සමගින් කොටුකරගැනීමට කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන එකකයට හැකිව තිබිණි. 22 July 2021
යතුරුපැදි අනතුරින් ගුවන් සෙබළා මරුට මැදවච්චිය, සංගිලි කනදරාව ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් ගුවන් හමුදා සෙබෙලෙකු මිය ගොස් ඇති බව මැදවච්චිය පොලිසිය පැවසීය. 22 July 2021
කඩු තුනක් සමඟ අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට කිසියම් අපරාදයක් කිරීමට අරමුණු කරගිනිමින් ළග තබාගත් බවට සැලකෙන දර්ශණීය ආකාරයට සැකසූ කඩු තුනක් ඒවා බහාලන කොපු දෙකක් සමග අපරාධ කල්ලියකට සම්බන්ධ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 22 July 2021
බන්ධනාගාරයට මත්කුඩු රැගෙන යන්න හැදු රැඳවියෙක් මාට්ටු නව මැගසින් බන්ධනාගාරයට රැගෙන ආ රැඳවියන් පරීක්ෂාවකට ලක්කර ලක් එක් රැඳවියකු පසුපස ප්‍රදේශයේ සඟවා ගෙන සිටි රුපියල් ලක්ෂ 11/2 ක් වටිනා හෙරොයින් සහ මත්පෙති පැකට් දෙකක් සොයාගත් බව විශේෂ කාර්ය බලකාය බළකාය කියයි. 22 July 2021
රත්නපුර නගරයේ විරෝධතාවක් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රත්නපුර ගුරු ,විදුහල්පති සමිති රැසක් එම ඉල්ලීම් ලබාදෙන ලෙස රජයට බලකරමින් අද (21) වනදා රත්නපුර නගරයේදී විරෝධතාවයක නිරත විය. 21 July 2021
ලොරිය ප්‍රපාතයට පෙරැළි රියදුරු-සහයක රෝහලේ හැටන් කොටගල සිට නල්ලතන්නිය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවකින් තේ කොළ ප්‍රවාහනය කිරිම සදහා ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහලට අද (21) ඇතුලත් කළ බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය. 21 July 2021
විදුලි වැටක ගැටී දෙදරු පියා මරුට කරුවලගස්වැව මුරියාකුලම ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදරු පියකු අනවසර විදුලි අලි වැටක ගැටි මරණයට පත්ව සිටියදි අද ( 21) සොයා ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසයි. 21 July 2021
‘ගුරු අභිමානී‘ ශිෂ්‍යත්ව ලබාදිම බත්තරමුල්ලේදී පෙර පාසල් ගුරුවරුන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ “ගුරු අභිමානි” ශිෂ්‍යත්ව වැඩසටහන බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රයේදී පැවැත්විණි. 21 July 2021
රිය අනතුරින් දෙදෙනෙක්මරුට ඉංගිරිය පාදුක්ක ප්‍රධාන මාර්ගයේ ශාන්ත පීතර ජනපදය අසල ත්‍රීරෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (21) සිදුවු අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉංගිරිය පොලීසිය පවසයි. 21 July 2021
පාස්කු ප්‍රහාරයේ මිය ගිය අයට සාධාරණය ඉල්ලයි මීගමු පුරවැසි එකතුව කටුවාපිටිය මංසන්ධියේ සිට දේවස්ථාන අසල මංසන්ධියට පැමිණ විරෝධතාවක නියැලුණු අතර ඒ අවට ජනතාව දැණුවත් කිරීම සඳහා අත් පත්‍රිකාද බෙදූහ. 21 July 2021
අන්තර්ජාලය ඔස්සේ කාන්තාවන් අලෙවි කළ ස්ථානයක 8 ක් අත්අඩංගුවට අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ස්ථාන දෙකක් වටලා, කළමනාකාරවරියන් දෙදෙනකු ඇතුළු කාන්තාවන් 8 දෙනකු , අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි 21 July 2021
දැරියකට හදි කළ තරුණයෙක් බදුල්ලේදී අත්අඩංගුවට බලාවයස්කාර දැරියක් බදුල්ලේ පිහිටි රජයේ නිවාඩු නිකේතනයකට කැටුවගොස් අපයෝජනය කළේ යැයි සැකපිට 29 හැවිරිදි තරුණයෙක් අද (21)අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි . 21 July 2021
පිරිමි දරුවෙක් අපයෝජනය කළ කපුවෙක් අත්අඩංගුවට අවුරුදු 14 යි මාස තුනක් වයසැති පිරිමි ළමයෙකුව වසර දෙකක් තිස්සේ ලිංගික අපයෝජනයට යොදාගත් , දේවාලයක් පවත්වා ගෙන යන 37 හැවිරිදි කපුවෙකු අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි. 21 July 2021
තේ පෙහොර ඉල්ලා තල්ගස්වල උද්ඝෝෂණයක් තේ වගාවට අවශ්‍ය පොහෝර ඉල්ලා අද (21) උදේ තල්ගස්වල නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් පැවැත්විණ. 21 July 2021
පැය 24 කදී මාරක රිය අනතුරුවලින් 7 ක් මරුට ගතවූ පැය 24 ක කාලය තුළ දිවයින පුරා සිදු වු මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 21 July 2021
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026