(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ අද (23) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 60 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් එම කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 400 දෙනෙකු හමුව ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
එම කාලය තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මීරිගම - 56 ක්, රාගම - 37 ක්, වත්තල - 35 ක්, බියගම - 33 ක්, සීදූව - 32 ක්, කැලණිය - 26 ක්, අත්තනගල්ල සහ දොම්පෙ කොට්ඨාසයන්ගෙන් - 25 දෙනෙකු බැගින්, ගම්පහ - 21 ක්, කටාන - 14 ක්, ජාඇල - 12 ක්, දිවුලපිටිය - 11 ක්, මිනුවන්ගොඩ - 9 ක් සහ මීගමුව සිව් දෙනෙකු වශයෙන් හමුව ඇත.
ඊයේ උදෑසන වනවිට පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආයෝජන කලාපය කටුනායකින් ආසාදිතයින් 34 දෙනෙකු හමුව ඇති අතර එම කාලය තුල ආසාදිතයින් 380 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතද සැක සහිත රෝගීන් 92 දෙනෙකු රෝහල් ගත කිරීමටද පියවර ගෙන ඇත.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 12,954 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.