IMG-LOGO

පිරිමි දරුවෙක් අපයෝජනය කළ කපුවෙක් අත්අඩංගුවට

(අතුල බණ්ඩාර)

අවුරුදු 14 යි  මාස තුනක් වයසැති පිරිමි ළමයෙකුව වසර දෙකක් තිස්සේ ලිංගික අපයෝජනයට යොදාගත් , දේවාලයක් පවත්වා ගෙන යන 37 හැවිරිදි කපුවෙකු අත්අඩංගුවට ගත්  බව මිහින්තලේ පොලිසිය පවසයි.

මිහින්තලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාට ලැබුණු තොරතුරක් අනුව ඉකුත් 17 වැනිදා සැකකාර කපුවා අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුකළ මුලික විමර්ශන වලදී කාලි මෑණියන්ගේ දේවාලයක් පවත්වා ගෙන යන මිහින්තලේ, කපුවා පදිංචි නිවසේදී මේ පිරිමි දරුවා ඔහු විසින් දෙවසරක කාලයක සිට ලිංගික අපයෝජනයේ යොදාගෙන තිබෙන බව අනාවරණය වී තිබිණි.

කපුවා පදිංචි නිවස කිට්ටුව නිවසක මේ පිරිමි ළමයා පදිංචිව සිටින බවත්, කපුවාගේ උපදෙස් මත ළමයා මෙය රහසක් ලෙස තබාගෙන සිට ඇති බවත් මුලික පොලිස් විමර්ශන වලදී තහවුරුවී ඇත.

කපුවා අත්අඩංගුවට පත්වූ පසු ළමයා ,දෙවසරක් තිස්සේ කපුවා තමන්ට කළ කී සියල්ල පොලිස් නිලධාරීන් හමුවේ හෙළිකර තිබේ.

ඒ අනුව ළමයාගේ මව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා මිහින්තලේ පොලිසියට පැමිණිල්ලක්  කර ඇත.

අත්අඩංගුවට ගත මේ සැකකාර කපුවා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.



අදහස් (0)

පිරිමි දරුවෙක් අපයෝජනය කළ කපුවෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site