නිධන් හාරමින් සිටි පිරිසක් පලා යති තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙනිය ගල් කන්ද පුරාණ විහාර භූමියේ නිධන් හාරමින් සිටි පිරිසක් එම ස්ථානයට පොලීසිය පැමිණීමත් සමඟ පලා ගොස් ඇතැයි තංගල්ල පොලීසිය පවසයි. 17 July 2021
‘කලු තුෂාර‘ගේ ගොලයින් දෙදෙනකු අ‘පුරේදී මාට්ටු පාතාල නායකයකු වන කළු තුෂාර නමැත්තාගේ සහායිකාවක් බව කියන 24 හැවිරිදි කාන්තාවක් ඇයගේ අනියම් පුරුෂයා සමග මත්කුඩු අළෙවි කරමින් සිටියදි අද (17) අනුරාධපුර මාර්කට් පෙදෙසේදී අත් අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පැවසීය. 17 July 2021
රිය අනතුරින් 5 ක් රෝහලේ හොරණ කුලුපන ප්‍රදේශයේදී වෑන් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් පස් දෙනෙක් තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හොරණ පොලිසිය කියයි . 17 July 2021
වියලි කහ සමඟ 3 ක් කැලණියේදී මාට්ටු වියලි කහ කිලෝ 800ක ප්‍රමාණයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටියදී කැලණිය ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත . 17 July 2021
මැදවච්චියේ රක්ෂිතයක් හෙලිපෙහෙලි කළ දෙකක් අත්අඩංගුවට මැදවච්චිය පොලිස් වසමේ තලගහවැව රක්ෂිතයේ නෙලුවැව ප්‍රදේශයෙ කැලෑවක නීතිවිරෝධීව කැටපිලර් යන්ත්‍රයක් යොදාගනිමින් කැලෑව එලිපෙහෙලි කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 16 July 2021
අනුරාධපුර ඇඟලුම් ශාලා දෙකකින් කොරෝනා රෝගීන් 52ක් කැබිතිගොල්ලෑවේ සහ තලාවේ පිහිටි පුද්ගලික ඇගලුම් කර්මාන්ත ශාලා දෙකකින් කොරෝනා ආසාධිත සේවක සේවිකාවන් පනස් දෙදෙනකු අද දින වාර්තාවි ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක මහතා පවසයි. 16 July 2021
රත්ගම විදුහලක පුටු සොරාගත්තැයි 9ක් අත්අඩංගුවට රත්ගම සිරිසුමන විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ තිබු ප්ලාස්ටික් පුටු 92ක් සොරකම් කිරිම , සොරකම්කරණු ලැබු භාණ්ඩ බැහැර කිරිම හා ළග තබා ගැනිම සම්බන්දයෙන් ප්‍රධාන සැකකරු සමග කාන්තාවන් 07 දෙනෙකු ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බැව් රත්ගම පොලීසිය පවසයි. 16 July 2021
’යකා බාස්’’ නීති විරෝධි ගිනි අවි සමඟ අත්අඩංගුවට වසර 33 ක් තිස්සේ නීති විරෝධී ගිනි අවි නිපදවූ “ යකා බාස් ” නමින් අන්වර්ථ නාමයෙන් හඳුන්වන කම්මල්කරුවෙකු සහ ඔහුගේ සගයෙකු තුවක්කු තුනක් සමඟ අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 16 July 2021
වැලිසර නාවික මහරෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකය විවෘත කරයි වැලිසර නාවික මහ රෝහලේ ඉදිකළ රුධිර කාන්දු පෙරණ ඒකකය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද (15) විවෘත කළේය. 15 July 2021
‘‘ඩෙක්මා‘‘ සේවකයෝ වැඩ වරති මාස දෙකකට වැටුප් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සංවර්ධන නිර්මාණ යන්ත්රා්පකරණ අධිකාරියේ (ඩෙක්මා) සේවකයෝ සිය සේවාවලින් ඉවත්ව විරෝධතාවක නිතර වූහ. 15 July 2021
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 168ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද (15) උදෑසන වනවිට පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 168 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 15 July 2021
හොරෙන් ගෙනා මත්පැන් බෝතල් 84ක් සමඟ අයෙක් දැලේ තීරුබදු නොමැතිව නීති විරෝධී ලෙස නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබූ විදේශ මත්පැන් බෝතල් 84 ක් සමග පුද්ගලයෙකු කදාන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 July 2021
සිවිල් සංවිධාන එකමුතුව මහනුවරදී උද්ඝෝෂණයක රජය විසින් ගෙන යනු ලබන මර්දනකාරී වැඩ පිළිවෙළට විරෝධය දක්වමින් මහනුවර සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කොට තිබූ විරෝධතාවයක් අද (14 ) මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිට දළදා වීදියේ දී පැවැත්විණි . 14 July 2021
බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබු මළ සිරුරක් හමුවෙයි පානදුර අලුබෝමුල්ල බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ ආබාධිත පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බව පානදුර දකුණු පොලිසිය කියයි . 14 July 2021
පොලු පහරින් තිදරු පියෙක් මරුට දෙපිරිසක් අතර අද (14) උදේ ඇතිවු ආරවුලකදී පොලුවලින් පහරදීමෙන් 25 හැවිරිදි තිදරු පියෙකු මරණයට පත්ව ඇතැයි’’ බදුරලිය පොලීසිය කියයි. 14 July 2021
ගාල්ල බස්නැවම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකිමේ ජාතික සංවිධානය විසින් අද (14) දහවල් ගාල්ල බස් නැවතුම්පොල ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන ලදී. 14 July 2021
කිරිඳිවැල සතොසේ දෙකකට කොරෝනා කිරිඳිවැල සතොස වෙළෙඳ ආයතනයේ කාර්ය මණ්ඩලයේ දෙදෙනකුට කොරෝනා ආසාදනයවීමෙන් එම වෙළෙඳසල තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි. 14 July 2021
මල් කඩන්න ගිය දෙදරු පියාගේ සිරුර ගංදූව වෙරළේ ගමේ විහාරස්ථානයට සුපුරුදු පරිදි මල් කඩා ගෙන ඒමට යන බව පවසා හිමිදිරි උදයේ නිවසින් බැහැරව ගිය අයෙකුගේ සිරුර වැලිගම, ගංදූව වෙරළට ගොඩ ගසා තිබියදී හමු වූ බව වැලිගම පොලිසිය පවසයි. 14 July 2021
නීති නොතකා පළාත් අතර යාමට සැරසුණ වාහන ආපසු හරවයි න්තර්පලාත් අතර ධාවනය කිරිමට පැමිණි රථ වාහන ගණනාවක් ආපසු හරවා යැවිමට ගිනිගත්හේන කළුගල පොලිස් මාර්ග බාධකයේ නිලධාරි අද (14) දින කටයුතු කළේය. 14 July 2021
මත්කුඩු සමඟ අඹුසැමි යුවළ අත්අඩංගුවට රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි අඹු සැමි යුවලක් එගොඩඋයන සාම මාවත අසලදී අත්අඩංගුවට ගත් බව ඒගොඩ උයන පොලිසිය කියයි 14 July 2021
හුදකලා කළ ගෝලින්දාවත්තෙන් තවත් ආසාදිතයන් 43ක් දැනට සංචරණ සීමා පනවා ඇති කෑගල්ල ගෝලින්දාවත්ත වතුයායේ 03 වන කොටසේ සිදුකල පී සි ආර් පරික්ෂණ 120 කින් අසාදිතයන් 43 දෙනකු හදුනාගෙන ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතා අද 13දා පවසයි. 13 July 2021
අ‘පුර බස් නැවතුම්පොළ ඉදිරිපිට ගුරු උද්ඝෝෂණයක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අහෝසි කරන ලෙස බලකරමින් සහ තවත් ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව විසින් අනුරාධපුර නව නගරයේ බස් නැවතුම් පල ඉදරිපිටදි අද(13)දින උද්ඝෝෂණයක නිරත වුහ. 13 July 2021
වල් අලියකුගේ පහරදිමෙන් ගොවියෙක් මරුට හම්බන්තොට කටුවැවදී කුඹුරට යමින් සිටි ගොවියෙකු වන අලියෙකුගේ පහරදීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලිසිය පවසයි. 13 July 2021
අයගම මඩබද්දරින් සති දෙකට ආසාදිතයන් 155ක් දින දාහතරක් ඇතුළත අයගම ගලතුර වත්තේ මඩබද්දර කොටසෙන් කොරෝනා ආසාදිතයන් 155 දෙනකු හඳුනාගෙන ඇතැයි පළාත් සෞඛ්‍ය බළධාරීහු කියති. 13 July 2021
පුඩළුඔය නිවසක් මතට කළු ගලක් පෙරළෙයි පුඩළුඔය පොලිස් බල ප්‍රදේශයෙ කුඹල්ඔළුව වෙයිසි ජන පදයේ නිවෙසක්මතට විශාල කළු ගලක් කඩා වැටීමෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය කියයි. 13 July 2021
පොහොර ඉල්ලා ගොවි අරගල ව්‍යාපාරය වැලිමඩ මහපාරේ දැනට ගොවින් මුහුණදී සිටින පොහොර හිගය වහාම විසදා තම සියලූම ආර්ථික වගාවන්ට අවශ්‍ය පොහොර බෙහෙත් කඩිනමින් ලබාදෙන ලෙසට රජයට බලකරමින් පෙරටුගාමි සමාජවාදි පකෂයේ ගොවි අරගල ව්‍යාපාරය ෙවැලිමඩ නගරයේ ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිටදි අද(13) විරෝධතාවක නියැලිණි. 13 July 2021
නිවසේ තිබු පුපුරණ ද්‍රව්‍ය සමඟ විශ්‍රාමික සාජන් මේජර් අත්අඩංගුවට බූස්ස මැදවල ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා නිලධාරියෙකුගේ නිවසේ සඟවා තිබු උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් අත් අඩංගුවට ගෙන තිබේ. 13 July 2021
වල්ලපට්ටා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට දැරණියගල ,මාලිබොඩ,මාලිබොඩ වත්ත ප්‍රදේශයේ දි වල්ලපට්ටා සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව දෙහිඕවිට අඩවි වන කාර්යාලය පවසයි. 13 July 2021
වල් අලි පැසුණු ගොයමක් වනසති රස්නායකපුර ප්‍රදේශයට කඩා වැදුණ 10 දෙනකුගෙන් පමණ යුත් වල් අලි රංචුවක් උඩුනව ප්‍රදේශයේ පැසුණු කුඹුරු යාය වනසා තිබේ. 12 July 2021
බෙන්තර ගඟේ වැලි ගොඩදැමු අයෙක් උපකරණ සමඟ අත්අඩංගුවට බැකෝ උපකරණ යොදාගෙන අනවසරයෙන් බෙන්තර ගඟේ වැලි ගොඩදැමීමේ ස්ථානයක් වටලා බෝට්ටු දෙකක්,බැකෝ උපකරණ කට්ටල තුනක්,වැලි පටවමින් සිටි ටිපර් රථයක් ඇතුළු උපකරණ සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව ඉත්තැපාන පොලීසිය කියයි. 12 July 2021
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026