ඩෙංගු බෝවන අයුරින් වැඩබිම්-නිවාස පවත්වාගෙන ගිය 37 කට නඩු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු කීටයන් බෝ වන ආකාරයට සිය නිවාස සහ වැඩබිම් පවත්වාගෙන ගිය 37 දෙනෙකුට රතු නිවේදන නිකුත් කර 9 දෙනෙකුට නඩු පවරා 28 දෙනෙකුට දඩ ගැසීම් සිදුකල බව කෝට්ටේ මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොදිගු මහතා අද (12) පැවසීය. 12 July 2021
ගිනි අවි කඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට තල්පෙ මිහිරිපැන්න ප්‍රදේශයේ නිවසක සඟවා තිබු මිලි මිටර් 9 උණ්ඩ යෙදිය හැකි මෙරට සාදන ලද ගිනි අවි දෙකක් සහ කඩු දෙකක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 12 July 2021
නෑමට ළිදට ගිය දරුවා අතුරුදන් මුලතිව් මාන්කුලම් පොලිස් බලප්‍රදේශයේදී තුනුක්කායි උදයසූරියන් නගර් ප්‍රදේශයේ පදිංචි පවුලක 14 වියැති ළමයෙකු දියනෑමට ගොස් අතුරුදහන් වූවේයැයි දරුවාගේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිළි කොට ඇත. 12 July 2021
වෙඩි වැදි ප්‍රතිකාර ලබමින් සිටි ඇතින්න මිය යයි වෙඩි තැබිමකින් මරණීය තුවාල ලබා දින 9ක් ප්‍රතිකාර ලබමින් සිටි ඇතින්නක මියගිය බව ගල්ගමුව වන ජීවි කාර්යාලය කියයි . 12 July 2021
මහනුවර ගම් දෙකක් වහයි කොවිඩ් 19 වයිරසය ආසාදිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් මහනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිළධාරි වසම් දෙකක කොටස් කිහිපයක් අද (12) අළුයම සිට හුදකලා කළ බව කොවිඩ් මර්දන කාර්යා සාධන කමිටුව පවසයි. 12 July 2021
හොර බීිඩි තොගයක් සමග අයෙක් මාට්ටු ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ බීඩි තොගයක් කුරුඳු මිටි අතරේ සඟවා කුඩා ලොරි රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම දී අද අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි 11 July 2021
මීගලෑව කත්නෝරුව වෙල් යායේ උද්ඝෝෂණයක් පොහොර හිඟයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා මීගලෑව , කත්නෝරුව ප්‍රදේශයේ ගොවි පිරිසක් අද (11) කත්නෝරුව කුඹුරු යායේ උද්ඝෝෂණයක් පැවැත් වූහ . 11 July 2021
මිරිහානේ නිවෙසක උඩුමහලේ ගංජා වගාවක් මිරිහාන තලපත්පිටිය ප්‍රදේශයේ නිවසක උඩුමහලක ගංජා වගා කළ බව කියන සංවිධාන අපරාධකරුවකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි. 11 July 2021
ධීවර යාත්‍රාවක් අනතුරකට ලක් වෙයි ධීවර රැකියාවේ නිරතව ආපසු හලාවත ධිවර වරායට සේන්දු වීම සදහා පැමිණි බහුදින යාත්‍රාවක් හලාවත දැදුරුඔය මෝයේදී අද උදෑසන අනතුරට ලක්විමේන් ගමන් ගත් ධිවරයින්ගේ ජීවිත යාන්තමින් බේරි ඇති බව කියයි. 11 July 2021
රිය අනතුරකින් තරුණයෙක් මරුට පිලියන්දල සුවාරපොල අද( 11 ) යතුරුපැදියක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදිකරු එම ස්ථානයේම මියගිය බව පිළියන්දල පොලිසිය කියයි. 11 July 2021
ලක්ෂ 15 ක හෙරොයින් සමඟ 4 ක් අත්අඩංගුවට මහා පරිමාණ හෙරොයින් ජාවාරමේ නිරතව සිටි සැකකරුවන් 4 දෙනකු රුපියල් ලක්ෂ 15 පමණ වීදි වටිනාකමක් සහිත හොරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දිසා බුද්ධි කොට්ඨාසය කියයි. 11 July 2021
දඩයමේ ගිය පුද්ගලයා තුවක්කුවට බිළි නාඋල - මහකුමාරගල රක්ෂිත වනාන්තරයේ හාඩුවෙල ප්‍රදේශයේ දී පස්වරුවේ පුද්ගලයෙකු වෙඩි වැදි මියගොස් ඇතැයි නාඋල පොලිසිය කියයි. 11 July 2021
ගංවතුරෙන් රත්නපුර පවුල් 2,361 ක් අවතැන් අධික වැසි හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාස 13ක ග්රාමනිලාරී වසම් 133කට බලපෑ ගංවතුර හේතුවෙන් පවුල් 2,361ක පුද්ගලයින් 9,504 දෙනෙකු ආපදාවට ලක්වු බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය කීවාය. 11 July 2021
බවුසරය-ජීප්රිය ගැටී අයෙක් මරුට:5ක් රෝහලේ බලපිටිය මූලික රෝහල ඉදිරිපිට ගාලු පාරේ බවුසරයක් හා ජීප් රථයක් මුහුණට මුහුණ ගැටී එක් අයෙක් මිය ගොස් 5දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 11 July 2021
කබැල්ලෑවෙකු මස් කරමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට දැඩි සංරක්ෂිත සත්වයකු වන කෑබැල්ලෑවකු මරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලීසිය පවසයි. 11 July 2021
කසළ ප්‍රශ්නයකට ජවිපේ මන්ත්‍රීවරු පාරට බසිති මොරටුව මහ නගර සභා කසළ ඉවත් කරන සේවකයන් කාන්තා සනීපාරක්ෂක තුවා සහ දරුවන් සහ රෝගි වැඩිහිටියන්ට භාවිතා කරන පැම්පස් ඇතුළු දෑ රැගෙන නොයාම නිසා ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්රීනී ප්‍රභාෂණී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු කණ්ඩායමක් මොරටුව සොයිසා පුරදී විරෝධතාවයක නිරත වූහ. 09 July 2021
සජබ විරෝධතාවක් නිදහස්චතුරඝ්රයේදී රජය ගෙන යන ප්රජාතන්ත්ර විරෝධී වැඩපිළිවෙළ, ජනතා විරෝධතා වැළැක්වීමට පියවර ගැනීම, මාධ්‍ය ආයතන වලට තර්ජනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ජනතා ප්රජාතන්ත්රවාදයට ඉඩ දෙනු මැයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අබියසදී අද(09) පස්වරුවේ විරෝධතාවක නිරත වූහ. 09 July 2021
යුද හමුදාත් කහ සිටුවයි කුට්ටිගල පිහිටි 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් කඳවුරු සිය කදවුරැ පරිශ්‍රෙය් අක්කර 5 ක භූමි ප්‍රමාණයක කහ බීජ රෝපණය කරන ලදී. 09 July 2021
තරුණයෙක් දියේ ගිලී අතුරුදන් පාලින්දනුවර මාකෙලිඇල්ලේ දිය නෑමට ගිය 19 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව බදුරලිය පොලිසිය පවසයි. 09 July 2021
මුල්ලේගම රක්ෂිතය ඡායාරූප ගත කළ අටක් මාට්ටු නවගත්තේගම මුල්ලේගම ප්‍රදේශයේ රක්ෂිතයක් තුළට අනවසරයෙන් ඇතුළු වී ඡායාරූප ගත් බව කියන පුද්ගලයන් සිව් දෙනකු ජංගම දුරකතන දෙකක්ද සමග අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි. 09 July 2021
මැදිරිගිරියේ ඇඟළුම් කම්හලක 26කට කොරෝනා මැදිරිගිරියේ ඇගළුම් කරම්ලක සේවක සේවිකාවන් 26 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 08 July 2021
අකුරැස්ස නගරයේ පැවැති උද්ඝෝෂණයකින් 13 ක් අත්අඩංගුවට සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් අකුරැස්ස නගරයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වු බව කියන දකුණු පලාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු 13 දෙනෙකු අද (08) සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය පවසයි. 08 July 2021
කොතලාවල පනත අහෝසි කරන්නැයි මාතලේත් උද්ඝෝෂණයක් නිදහස් අධ්‍යාපනය පෞද්ගලිකරණය කරන අධ්‍යාපනය මිලිටරිකරණයට පාර කපන කොතලාවල පනත අහෝසි කරන ලෙස ඉල්ලා රජයට බල කරන උද්ඝෝෂණයක් අද (08)දා මාතලේ අධ්‍යාපන වටරවුම ඉදිරිපිට දි පැවැත්විණි. 08 July 2021
උද්ඝෝෂණය කළැයි අඹගමුව ප්‍ර.ස.මන්ත්‍රීවරයෙක් ඇතුළු 4 ක් අත්අඩංගුවට ජනතා විමුක්ති පෙරමුණ මගින් හැටන් නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද (08) පැවැත් වු උද්ඝෝෂණයක් විසුරුවා හැර එම උද්ඝෝෂණය සංවිධානය කළ ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ මන්ත්‍රි මංජුල සුරවිර ආරච්චි මහතා ඇතුළු එම පක්ෂයේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි. 08 July 2021
සංචාරක ව්‍යාපාරයට සහන ඉල්ලා උද්ඝෝෂණයක් සංචාරක ව්‍යාපාරයට සහන ඉල්ලා අද (8) හික්කඩුව බස් නැවතුම් පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විණි. 08 July 2021
ඩයිනමයිට් කරලක් පිපිරී ධීවරයා මරුට පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරිමේ යෙදුනු ධිවර කාර්මිකයකු අත තිබු පුපුරණ ද්‍රව්‍ය සහිත ඩයිනමයිට් කරලක් පිපිරිමෙන් ධිවර කාර්මිකයකු නිලාවේලි මුහුදේදි මියගොස් ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි. 07 July 2021
මීගලෑවේ ගොවීහු පොහොර ඉල්ලා පාරට බසිති මීගලෑව මහවැලි කොට්ඨාසයේ ගැටිලෑව 311/ඩී/3, ගොවි සංවිධානයේ ගොවිහු පිරිසක් සිය වගාවන්ට පොහොර ලබා දෙන ලෙස ඉල්ලා අද (07) දහවල් ගැටිලෑව කුඹුරු යායේ නිහඬ උද්ඝෝෂණයක් පැවැත් වූහ . 07 July 2021
හොර එස්.අයි ගෙ හොරේ අහුවෙයි (ඩි.ජි.සුගතපාල) හික්කඩුව පොලිස් ස්ථානයට අලුතෙන් පැමිණි උප පොලිස් පරික්ෂකවරයෙකු බව පවසා හික්කඩුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් පරික්ෂා කිරිමට ගිය පුද්ගලයෙකු 19වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය. 07 July 2021
මාලගිරව් 11 ක් විකිණීමට ප්‍රදර්ශනය කළැයි 20,000 ක් දඩ මාලගිරවුන් 11 දෙනෙකු විකිණීම සදහා ප්‍රදර්ශනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් සැකකරුවෙකුට රුපියල් 20,000ක් ගෙවන ලෙස බළන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය. 07 July 2021
බොල්ගොඩ ගඟේ බෝට්ටුවක් පෙරළි අයෙක් අතුරුදහන් බොල්ගොඩ ගඟේ බෝට්ටුවක් පෙරළීමෙන් එක් අයකු අතුරුදහන්ව ඇති බව මොරටුව පොලිසිය පවසයි. 07 July 2021
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026